Thu. Jul 4th, 2024
0 0

Views: 17

Read Time:5 Minute, 12 Second

කොරෝනා පැතිරීමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. ඒ පිළිබඳව colombxnews වෙබ් අඩවියේ පල වූ ප්‍රවුර්තිය පහතින් දක්වා ඇත.
අදාළ ප්‍රවුර්තියේ දක්වා තිබූ සියලු තොරතුරු මේ වන විට සත්‍යය බවට පත්ව ඇත.

ලංකාවේ වැඩිහිටි ජනගහනය 19%කි. ආර්ථික විද්‍යාවට අනුව ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිහිටි ජනගහනය නඩත්තු කිරීමය. Covid-19 ආසාදනය වන බොහෝ වැඩිහිටියන් මිය යයි. මේ වනවිට ලෝක පරිමාණයෙන් එසේ මිය යන සංක්‍යාව 3%කි. අනෙක් මිය යන ප්‍රධාන කොටස වන්නේ නිධන්ගත රෝග නැති නම් බෝ නොවන රෝග පවතින අයයි. ඊළඟ කොටස වන්නේ කුඩා ළමුන්ය.

තම උපදේශක අචාර්ය වරුන් කිහිප දෙනෙකුද සහභාගී වූ හමුවකදී බැසිල් රාජපක්ෂ විසින්  ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ හෝ ඇඳිරි නීතිය පැනවිය යුතු නැති බවය. රට වසා දැමීමෙන් දැඩි ආර්ථික පරිහානියක් සිදු වන බවත් චීන ආයෝජන ලඟා කර ගැනීම අපහසු වන බවත් චීනයද උපදෙස් දී ඇත්තේ කොරෝනා පැතිරෙන්නට ඉඩ හරින ලෙස බවත්ය. එහිදී චරිත හේරත් විසින් ප්‍රශ්න කොට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ඉඩ නොහරිනු ඇතිය යන්න පිලිබඳවය. නමුත් කට කොනකින් සිනහ වූ බැසිල් පවසා ඇත්තේ ඒවා තම පාලනයට නතු කොට ගැනීමේ ක්‍රම සහ විධි තමන් සතු බවය. එය මේ වනවිට සැබෑවක් බව පෙනී යන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ නිකුත් කිරීම අත්හිටුවා ඇති බැවිනි.

වැඩිහිටි ජනගහනය 3%කින් (675,000ක්) හෝ අඩු කොට ගන්නේ නම් විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කොට ගත හැකි වේය යන්න සහ තවත් 2%ක ප්‍රතිශාතයකට යා හැකි නම් (එනම් සමස්තය ජනගහනයෙන් 5%ක්) විශාල වාසියක් අත්කොට ගත හැකි බවය.

එහිදී පී.බී. ජයසුන්දර විසින් පවසා ඇත්තේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම අපහසු බවත්, යම් කිසි ඉක්මන් ණයක් හෝ ලබා ගත යුතු බවත්ය. එවිට බැසිල් විසින් පවසා ඇත්තේ පැමිණීමට නියමිත චීන දූත පිරිසෙහි අරමුණ විශාල ඉඩම් ප්‍රමාණයක් ලබා ගැනීම බවත්, ඒ සඳහා විශාල මුදලක් ලැබීමට නියමිත බවත්ය. එසේම ඉදිරියේදී කැසිනෝ ව්‍යාපාර ස්ථාපිත කිරීම තුළින් අති විශාල මුදලක් ලැබෙන බැවින් සංවර්ධන කටයුතු සඳහා ඕනෑවටත් වඩා මුදල් ආයෝජනය කළ හැකිය යන්නයි.

තව දුරටත් අදහස් දැක් වූ බැසිල් පවසා ඇත්තේ අවශේෂ කැලා ඉඩම් දේශීය සමාගම් වෙත අපනයන කෘෂිකර්ම නිෂ්පාදන සඳහා ලබා දීමෙන් දීර්ග කාලීන ආර්ථික වාසියක් මෙන්ම රැකියා උත්පාදනක් ලබා ගත හැකි බවය. එසේම වඩාත් ඵලදායි අවශේෂ වනාන්තර ඉඩම් විදේශීය සමාගම් වෙත ලබා දීමෙන් කෙටි කාලීන ආර්ථික වාසි සහ රැකියා උත්පාදනයක් ලබා ගත හැකිය යන්නයි.

කෙසේ වෙතත් එම හමුවේදී අවසාන වශයෙන් තීරණය වී ඇත්තේ රට ඉදිරියට යාමට සහ වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම සඳහා කොරෝනා පැතිරීමට ඉඩ හැරීම කළ යුතු බව ය.

බැසිල් රාජපක්ෂ තම නිලධාරීන්ට සහ උපදේශකයින්ට කියූ පරිදිම චීන කොම්ම්යුන්ස්ට් පක්ෂ ප්‍රභලයා විසින් ඩොලර් බිලියන 16.5ක් සංවර්ධන කටයුතු සඳහා පරිත්‍යාග කොට ඇත. බැසිල් මෙය කල් තියා දැනගෙන තිබූ බව පැහැදිලිය.
එසේම ඊට පසු දිනම මහා බැංකුව වෙතින් රුපියල් බිලියන 15ක් රජයේ වැඩ කටයුතු සඳහා නිකුත් කොට ඇත.  (Kumbiyo)
ප්‍රවුර්තියේ සඳහන් වූ තුන් වන කාරණය වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම පාලනය යටතට ගැනීම සඳහා “ක්‍රම සහ විධි” බැසිල් සතුව පවතින බව ප්‍රකාශ කොට තිබිණි. එයද සත්‍යක් බවට පත් කරමින් GMOA ප්‍රධානියා විසින් ප්‍රකාශ කොට ඇත්තේ රට lockdown කල යුතු නැති බවත්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බවත්ය.
ඒ අනුව පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ මේ වන විට ලංකාවේ පරිපාලන කටයුතු සම්බන්ධ තීන්දු තීරණ පවා ගන්නේ චීනය බවය. * SLI 001

About Post Author

Cxx

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Cxx

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු