Sat. May 18th, 2024
0 0

Views: 37

Read Time:2 Minute, 29 Second

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් පවසා ඇත.

චීන – ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ දී පැවති සංවාදයක දී තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට අනුව 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 52 ක් බවත් ඉන් චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් පවසා ඇත. ඒ අනුව එය සමස්ත ණය ප්‍රමාණයෙන් 11.5% කි.

අවස්ථා ගණනාවකදී බටහිර රටවලින් ඉහළ පොළී අනුපාතවලට ගත් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අඩු පොළී අනුපාත යටතේ චීනයෙන් ණය ගත් බවත් “ණය උගුලෙන්” මිදීමට එය උපකාරී වූ බවත් චීන තානාපතිවරයා එම සංවාදයේදී සඳහන් කර තිබේ.

චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ආයෝජකයා බවත් චීනය, ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් කටයුතු රැසක් සිදුකර ඇති බවත් චීන තානාපතිවරයා මෙම සංවාදයේදී සඳහන් කර තිබේ.

චීන සංචාරකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කර තිබෙන චීන තානාපතිවරයා චීන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කර ඇත.

2009 වසරේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින්’ පසුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ආධාර මෙන්ම ආරක්ෂාව ද සැපයූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

උපුටා ගැනීම ලංකා විවුස් වෙතින්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු