Sat. May 18th, 2024
0 0

Views: 31

Read Time:2 Minute, 51 Second

පරාජය වුවද එය නිවැරදිව වටහාගෙන ශක්තිමත් ව කටයුතු කළහොත් නැවත ජයග්‍රහණය කරා යෑම නොවැළැක්විය හැකි බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ, ඊයේ (25) සවස කොළඹදී පැවති උත්සවයකදීයි.

එහිදී අදහස් දැක්වූ පාකිස්තාන අගමැතිවරයා,

“පරාජය නිවැරදි ලෙස වටහාගෙන හසුරුවා ගැනීම වැදගත්. ඒ හැකියාව නොමැති අය ක්‍රීඩාවෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඔබ එය හසුරුවා නොගතහොත් ඔබ කිසිදිනෙක ශූරයෙක් නොවනු ඇති. ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්. ජීවිතයත් එහෙමයි. සාර්ථකවීම් මෙන්ම අසාර්ථකවීම් ඇතිවෙනවා. මම දේශපාලනයට ආවහම ඔක්කොම හිනා වුණා. අවුරුදු 14ක් මට කවුරුත් අවස්ථාවක් දුන්නේ නෑ. නමුත් මම අතහැරියෙත් නෑ. “

1971 දී පළමුවරට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඉම්රාන් එහිදී සාර්ථක නොවූ බැවින් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි විය. නමුත් තමා ඉතා කැපවීමෙන් පුහුණුවීම් කර නැවත කණ්ඩායම ට එක්වූ බව ඔහු පැවසීය. 1992 දී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉම්රාන් ය.

“මට වැඩිය දක්ෂ ක්‍රීඩකයෝ මගේ කාලයේ සිටියා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ට වඩා මම සාර්ථක වීමට හේතුවක් තිබුණා. ඒ තමයි මගේ දුර්වලතා සහ අත්වැරදීම් ගැන මට හොඳින් විශ්ලේෂණය කිරීමේ හැකියාව තිබුණා. ඔබ දිගින් දිගටම පරාජය වන්නේ ඔබ අතහැරියොත් පමණයි. ඔබ දකින ඕනෑම හීනයක් ඔබට ජයගත හැකියි.”

තවදුරටත් අදහස් දක්වමින් පාකිස්තාන අගමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ දැඩි කැපවීමෙන් සහ උත්සාහයෙන් කටයුතු කළ නිසා බවය.

එහි වැඩි ගෞරවය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංගට හිමිවිය යුතු බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අර්ජුන රණතුංග, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ද එක්ව සිටියහ.

 

 

උපුටා ගැනීම නිව්ස් හබ් වෙතින්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු