Sat. May 18th, 2024
0 0

Views: 85

Read Time:1 Minute, 53 Second

පිට පලාත වල ගිලන් රථ කොළඹ , ගම්පහට  ගෙන්වයි තත්වය බරපතලයි නිවෙස් තුලටම වී සිටින්න අත්‍ය අවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයන්න. මාධ්‍ය මගින් වසන් කලාට සත්‍ය තොරතුරු මාධ්‍යයට නොදුන්නාට මේ වන විට රෝගය පාලනයෙන් ගිලි හී ඇති බවයි මෙවන් සිද්ධි තුලින් පසක් කරනුයේ

……………………………………………………..

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා ආසාදිතයින් රෝහල් කරා රැගෙන ඒමට පිට පළාත්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඇතැම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් අනතුරුව දින දෙකක කාලයක් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.

නිවෙස්වල සිට රෝහල් කරා සහ සුව වීමෙන් අනතුරුව රෝහල්වල සිට නිවෙස් බලා රෝගීන් රැගෙන යාමට ගිලන් රථ නොමැති වීමෙන් ප්‍රමාදයන් සිදු ව තිබේ.

එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා පිට පළාත්වල කුඩා රෝහල්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ වනවිට ගිලන් රථ කොළඹ දිස්ත්‍රික්කයේ මහ රෝහල්වලින් ද ලබාගෙන තිබේ.

ඇතැම් කුඩා රෝහල්වල ගිලන් රථ භාවිත නොකර තැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු