Sat. May 18th, 2024
0 0

Views: 24

Read Time:1 Minute, 15 Second

ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන ජර්මනිය වෙත යාමට උත්සාහ කළ තිදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක සහ ඇයගේ 09 හැවිරිදි පිරිමි දරුවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සිත නිව්ස් 24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

ගමන් බලපත්‍ර වල කරුණු සම්බන්ධයෙන් ගැටළු මතුවීම හේතුවෙන් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශන වලදී සහ තාක්ෂණික පරීක්ෂා වලින් පසු, මොවුන් සතුව තිබූ ජර්මානු වීසා බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සකස් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු