Sat. May 18th, 2024
0 0

Views: 9

Read Time:14 Minute, 15 Second

නන්නාදුනනා සාමූහිකත්වයේ සහ පුරවැසි පවුරේ අපගේ සාමූහික සහයෝගීතවය මත රට ගොඩ නගන වැඩ පිලිවෙලෙහි ආකෘතියක් සකසා සමාජගත කරවීමට උර දුන් සැමට අපගේ උත්තමාචාරය මෙයින් පුද කරමි
මෙම ආකෘතිය සම්පූර්ණ කිරීම වස් මහජන , සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන්ගේ දායකත්වය ලබා ගනුවස් අප මෙම වැඩපිලි වෙල ඔබ ඉදිරියේ තබන්නෙමු
මෙම වැඩ පිලිවෙල කේන්ද්‍රගත වනුයේ මූලික තේමා පාඨය ලෙස ” අන්තර් කලාපීය සහ සම්බන්ධිත අවම වන ඝණත්වය සියයට හතලිහක් 40% ” යන්නයි
වසර හැත්තෑ තුනක් පුරාවට මේ රට පාලනය කල බෝතලේ වලව්ව , හොරගොල්ල වලව්ව , කොල්ලුපිටිය වලව්ව සහ මේ වන විට මැදමුලන යන පවුල් පැලැන්ති පාලකයන්ගේ ග්‍රහණයෙන් මේ රට , රටේ පුරවැසියන් පමණක් නොව කෝටි ප්‍රකෝටි සතා සිව්පාවන්ටද නිදහස ලබා දෙනු වස් අප පෙරමුණ ගෙන සිටින්නෙමු
අදුරට ශාප කරමින් කල් මැරූ කාලය හොදටම වැඩිය එන්න අපි මේ රට ගොඩ නගමු . ඔව් , එය අපට කල හැකිය අය ශක්තිය ධෛර හෙබි පුරවැසියන් සලක විධ වහල් බැමි වලින් මිදී එකතු විය යුතු කාලය එළැඹ ඇත.
1818 න් පසු මේ රටේ දියත් වන සැබෑ නිදහස් අරගලයේ ඓතිහාසික පංගු කරුවෙකු වන මෙන් අප ඔබට සහෝදරාත්මකව ආරාධනා කොට සිටින්නෙමු
මෙම නිදහස් අරගලයේ ප්‍රධාන තේමා පාඨය වනුයේ
සාමය ,සමගිය සහ අවිහිංසාවාදය යන්නයි
වහල් බැමි සිදගත් සැබෑ ලෙසම රටට ආදරය කරන පුරවැසියනි සමගි වව් !
එක්වව් !

සමගිය බලය වේ!
අප මේ සටන දිනන්නෙමු
නන්නාදුනනා සාමූහිකත්වය
රට ගොඩ නගන වැඩපිලිවෙලෙහි ආකෘතිය පහතින් දැක්වේ

………………………………………………………………………………….

පුරවැසි සහභාගීත්ව දේශපාලන ආකෘතිය

* සියළු විධායක බලතල අහෝසි කෙරේ

එක් තනි පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත කෙරෙන විධායක බලය අහෝසි කොට ජනාධිපති හෝ අගමැති මණ්ඩලයක් පත් කෙරේ. එම බල මණ්ඩලයට සියයට 5 කට වඩා ජන පදනමක් හිමිවෙන සියළු පක්ෂවලට නියෝජිතයෙකු පත් කිරීමට අවස්ථාව හිමි වේ . පාර්ලිමේන්තුව තුලදී සම්මත වන අණ පනතක් ක්‍රියාත්මක වීමට නම් මෙම මණ්ඩලයේ බහුතර එකගතාවය අවශ්‍ය වනු ඇත.

* පාර්ලිමේන්තු මංත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුපේ සිට සියළු විශේෂ වරප්‍රසාද අහෝසි කරනු ලැබේ

* ඇමති මණ්ඩලය ඇමති මණ්ඩලය 15 කට සීමා කෙරේ

*සියළු ඇමති ධූරයන්ද එක් පක්ෂයකට සීමා නොකර සියයට 5 ජන පදනම ඉක්මවන සියළුම පක්ෂ වලට හිමි විය යුතුය .

*යම් ප්‍රදේශයක යම් ප්‍රස්නයක් වන්නේ නම් එම ප්‍රස්නය සදහා විසදුම් වෙනුවෙන් ඕනෑම වේලාවක පුරවැසියන්ට ජන්දයක් කැදවිය හැකිය . එම ජන්දය සදහා අවම වශයෙන් සියයට 5ක ජනපදනමකින් යුතුව ඉල්ලීම් කල යුතුය. උදා; අත්සන් සහිත පෙත්සමක් මගින්

* පරිපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් නිදහස් කෙරේ. පරිපාලනයේ යම් වැරැද්දක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නම් ඊට මැදිහත් වීම සම්පූර්ණයෙන්ම පුරවැසියා විසින් සිදු කල යුතුය .

* සියල්ලන්ම ( පුරවැසියෝද ඇතුළුව ) ආදායම් වාර්ථාවන් ඉදිරිපත් කල යුතුය .

* පුරවැසි නියෝජිතයින් ඇතුළු සියළුම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවනුයේ පුරවැසියන්ගේ බදු මුදලින් බැවින් කිසිදු අල්ලසක් දීම හෝ ගැනීම තහනම් කරනු ඇත .

පරිසර පද්ධතිය

පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. එය රැකීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි .

* ඕනෑම පුද්ගලයෙකුට ගස් වැවීම සිදු කල හැකි අතර ගස් කැපීමට අවසර ගත යුතුය .

* සියළුම පරිශර අහිතකර රජයේ හෝ පෞද්ගලික ව්‍යාපෘති වලට එරෙහි වීමට පුරවැසියාට පූර්ණ බලය ඇත. ඒ ඕනෑම ප්‍රස්නයක් වෙනුවෙන් ජන්දයක් කැදවීමට පුරවැසියාට බලය ඇත .

ප්‍රවාහණය

සියළුම දුරස්ථ මගී ප්‍රවාහණ සේවය රාජ්‍ය අංශය යටතේ පවත්වනු ඇති අතර එහිදී දුරස්ථ මගී ප්‍රවහණය උදෙසා බස් රථ වෙනුවට දුම් රිය යොදවනු ඇත . මෙම ව්‍යාපෘතිය උදෙසා අවම වශයෙන් වසර දහයක් වත් ගත වන බැවින් එය ක්‍රියාත්මක වනුයේ ක්‍රමිකවය .

රාජ්‍ය ආරක්ෂාව සහ පුරවැසි පරිපාලනය

රාජ්‍ය ආරක්ෂාව සියළුම පුරවැසියන්ගේ යුතුකමක් බැවින් ඒ සදහා වැටුප් නොගෙවන අතර සියළුම පුරවැසියන් නාවික සහ ගුවන් පුහුණුව ලැබිය යුතුය . පාබල හමුදා පුහුණුවද නාවික සහ ගුවන් පුහුණුව තුලින්ම ක්‍රියාත්මක වන අතර ක්‍රමිකව පාබල හමුදා අහෝසි කරනු ඇත. ( ආරක්ෂාව ස්වභාවිකම ලැබී ඇත. කිසිදු දේශසීමා ප්‍රස්නයක් නොමැති බැවින් අවශ්‍ය වන්නේ ගුවන් සහ නාවික ආරක්ෂාවයි )

කිසිදු පුරවැසි ප්‍රස්නයක් උදෙසා කිසිදු හමුදාවකට මැදිහත් වීමට කිසිදු අයිතියක් නොමැති අතර පුරවැසි පරිපාලනය සම්පූර්ණයෙන්ම පොලීසියට යටත් කරනු ඇත .

පරිසර පද්ධතිය

පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කරනු ඇත. එය රැකීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි .

* ඕනෑම පුද්ගලයෙකුට ගස් වැවීම සිදු කල හැකි අතර ගස් කැපීමට අවසර ගත යුතුය .

* සියළුම පරිශර අහිතකර රජයේ හෝ පෞද්ගලික ව්‍යාපෘති වලට එරෙහි වීමට පුරවැසියාට පූර්ණ බලය ඇත. ඒ ඕනෑම ප්‍රස්නයක් වෙනුවෙන් ජන්දයක් කැදවීමට පුරවැසියාට බලය ඇත .

ප්‍රවාහණය

සියළුම දුරස්ථ මගී ප්‍රවාහණ සේවය රාජ්‍ය අංශය යටතේ පවත්වනු ඇති අතර එහිදී දුරස්ථ මගී ප්‍රවහණය උදෙසා බස් රථ වෙනුවට දුම් රිය යොදවනු ඇත . මෙම ව්‍යාපෘතිය උදෙසා අවම වශයෙන් වසර දහයක් වත් ගත වන බැවින් එය ක්‍රියාත්මක වනුයේ ක්‍රමිකවය .

රාජ්‍ය ආරක්ෂාව සහ පුරවැසි පරිපාලනය

රාජ්‍ය ආරක්ෂාව සියළුම පුරවැසියන්ගේ යුතුකමක් බැවින් ඒ සදහා වැටුප් නොගෙවන අතර සියළුම පුරවැසියන් නාවික සහ ගුවන් පුහුණුව ලැබිය යුතුය . පාබල හමුදා පුහුණුවද නාවික සහ ගුවන් පුහුණුව තුලින්ම ක්‍රියාත්මක වන අතර ක්‍රමිකව පාබල හමුදා අහෝසි කරනු ඇත. ( ආරක්ෂාව ස්වභාවිකම ලැබී ඇත. කිසිදු දේශසීමා ප්‍රස්නයක් නොමැති බැවින් අවශ්‍ය වන්නේ ගුවන් සහ නාවික ආරක්ෂාවයි )

කිසිදු පුරවැසි ප්‍රස්නයක් උදෙසා කිසිදු හමුදාවකට මැදිහත් වීමට කිසිදු අයිතියක් නොමැති අතර පුරවැසි පරිපාලනය සම්පූර්ණයෙන්ම පොලීසියට යටත් කරනු ඇත .

විදේශ ප්‍රතිපත්තිය

පවතින මධ්‍යෂ්ථ විදේශ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම තව දුරටත් පවත්වා ගෙන යනු ලබන අතර අසල්වැසි ඉංදියාව හා සමීපව කටයුතු කරනු ඇත . මේ වන විට නවීන තාක්ෂණය කේන්ද්‍රගතව පවතින්නේ දියුණු රටවල් මූලිකව බැවින් ඔවුන් හා සුහදව කටයුතු කරනු ලැබේ

අධ්‍යාපනය

සියළු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන් වනු ඇත . සිංහල සහ දෙමළ හෝ වෙනත් භාෂා පුද්ගලිකව ඉගෙන ගත යුතුය . එහෙත් පවතින භාෂා දුෂ්කරතාවය හේතුවෙන් මෙම වැඩ පිලි වෙල වසර 10 කට යටත්ව ක්‍රියාත්මක වනු ඇත.

(1) ප්‍රාථමික අධ්‍යපනය

(2)ද්වීතික අධ්‍යාපනය

  1. විශයානුබද්ධ අධ්‍යාපනය

(3)තෘතීක අධ්‍යාපනය

  1. කාර්මික
  2. ශාස්ත්‍රීය

3.තාක්ෂණික

අ. පො. ස. උ.පෙ. සමත් සියළු දෙනාට උසස් අධ්‍යාපනය හදෑරීමට අවශ්‍ය පහසුකම් සලසනු ඇති අතර සියළු සිසුන්ට ඒ සදහා අයදුම් කල හැකිය . අවම ලකුණු මට්ටම සපුරලනු ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය හදෑරීමට අවකාශය ලබා දෙනු ඇත . මෙමගින් තරගකාරී අධ්‍යාපනය මුලුමනින්ම උපුටා දැමීමට අදහස් කරන අතර අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරාලන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට උත්සුක වේ

(4) වැඩිහිටියන් සඳහා විවෘත පාසල්

*රැකියා

රැකියා ලබා දීම රජයේ යුතුකමය . රැකියා නොමැති අයෙක් වේ නම් රැකියාවක නියතු වන්නෙකුගේ මූලික වැටුප රැකියා විරහිත පුරවැසියාට හිමි විය යුතුය + මේ සම්බන්දයෙන් ලිය විල්ලක් මීට ඉහත ඉදිරිපත් කර ඇත.

(1) වයස 18ට වැඩි සෑම පුරවැසියෙකුටම රජයේ මූලික වැටුප

(2) රැකියා ලබා දීමට ප්‍රධාන ආයතනයක්

*සමාජ ආරක්ෂණය

(1) සෑම පුරවැසියෙක්ටම රක්ෂණය

1 ජීවිත රක්ෂ්ණය

2 ආරෝග්‍ය රක්ෂණය

(2) විශ්‍රාම වැටුප

වැඩි හිටි ආරක්ෂණය

සෑම වැඩි හිටි පුරවැසියෙකුම රැක බලා ගැනීම සමාජීය වගකීමකි එහෙත් ඒ වගකීම රජයේ වගකීමක් වනු ඇත . දුවා දරුවන්ගෙන් වෙන්ව ස්වාධීනව ජීවත් වන්නට සිතන සෑම වැඩිහිටියෙකුම ආරක්ෂා කිරීමට රජය බැදී ඇත. ඔහුට සරිලන නවීන පහසුකම් සහිත තනි පුද්ගල කාමර මෙන්ම තනි පුද්ගල වෛද්‍ය පහසුකම්ද සපුරාලීම රජයේ වගකීමකි

* ආගමික

(1) ආගම පුද්ගලික අයිතියක් ලෙස පිළිගනී. රජයට හෝ රජයේ කිසිම් ආයතනයකට සබඳතාවයක් නොමැත.

*සෞඛ්‍ය

(1) සියළුම රජයේ රෝහල්වල වාට්ටු අහෝසිකර රෝගීන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි කාමර මෙන්ම ඉහළ සනීපාරක්ෂක ක්‍රම හදුන්වා දීම.

* ළමා ආරක්ෂණය

(1) ළමයාගේ වයස අවුරුදු 16ක් වනතුරු දීමනාවක් ලබා දීම.

*අති සුඛෝපබෝගී නොවන සියළු වාහන වල බදු ඉවත් කිරීම.

* නිවාස

(1) සෑම පවුල් ඒකකයකටම පවුලේ සාමාජිකයන් ප්‍රමාණයට කාමර සහිත නිවාස

(2) සියලුම නිවාස වලට ආරක්ෂිත පහසුකම් සහිත වීම.

* පැමිණිල්ලක් යොදා ඒකපාර්ශවිකව විවාහයන් අවලංගු කිරීමේ නිදහස

* සියලුම ආගමික සුසාන භූමි අහෝසි කිරීම

*න්‍යශ්ටික විදිලි බලාගාර ඉදි කිරීම.

* සමස්ත පරිශර පද්ධතියටත් , මානව ජනාවාශයන්ටත් , ජල පෝෂක පදාර්ථයන්ටත් හානි කරවන විදුලි උත්පාදන ක්‍රමයන් වෙනුවට න්‍යෂ්ඨික බල ශක්ති ක්‍රමයන්ට සහ සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්‍රමයන් වෙත යොමු විය යුතුය.

* උප්පැන්න සහතිකයෙන් ආගමික , ජාතික අනන්‍යතාවය ඉවත් කල යුතුය . ඒ වෙනුවට ශ්‍රී ලාංකික යන්න පමණක් සදහන් කල යුතුය. ආගමික පාසල් ඉවත් කර සියළු පාසල් එකම විෂය පද්ධතියකට යටත් කල යුතුය . එක ආගමක් වෙනුවට ලංකාව තුල දැනට පවතින සියළු ආගම් වල දර්ශණය ඉගැන්විය යුතුය . පවුල තුලින් ආගම වෙනුවට ආගමික දර්ශණය ඉගෙන ගෙන ඉන් තමන් කැමති දර්ශණයක් වෙත නැඹුරු වීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් හිමි විය යුතුය.

* වැටුප්

වැටුප් විෂමතාවය අවම කරනු ඇත. එහෙත් විශේෂිත රැකියාවන් වන ඉංජිනේරු , වෛද්‍ය සහ තාක්ෂණික

නිපුණතාවයන් ගෙන් යුතු අයට විශේෂිත වරප්‍රසාද ලබා දෙනු ඇත. ( නිළ නිවාස ,නොමිලේ වෛද්‍ය පහසුකම් , සහ ඉහල අධ්‍යාපන පහසුකම් .. වැනි )

නිවාස සහ ආහාර පාන

සියළු නිවාස රජයේ තක්සේරුවකට යටත් වියයුතු අතර සෑම ගෙදරකටම විදුලිය , ජලය ,සනීපාරක්ෂක පහසුකම් හිමිවිය යුතුය . එසේ නොවන නිවාස තැනීමත් එවැනි නිවසක පදිංචිවීමත් පුරවැසියෙකුට මදි පුංචිකමක් වන අතර . එවැනි නිවසක වෙසෙන පුරවැසියන් සොයා බලා ඔවුන්ට හිමිවිය යුතුපහසුකම්සහිත නිවසක්‍රබා දීම රජයේවගකීම වනු ඇත

මෙම යෝජනා අසම්පූර්ණ බව සලකන්න

මෙම යෝජනාමාලාවට ඔබගේ යෝජනාද එක්කොට මෙම යෝජනාමාලාව සම්පූර්ණ කරනා මෙන්  ඔබට යෝජනා කරන්නෙමු

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “නන්නාදුනනා සාමූහිකත්වයේ සහ පුරවැසි පවුරේ රට ගොඩ නගන වැඩපිලිවෙල එළිදකී

  1. […] නන්නාදුනනා සාමූහිකත්වයේ සහ පුරවැසි පවුරේ රට ගොඩ නගන වැඩපිලිවෙලේ දළ ආකෘතියට මෙතැනින් පිවිසෙන්න https://huunews.com/?p=1202 […]

  2. කව්ද මෙහි පෙර ගමන් කරැවෝ ?
    Leaders & organizers ?
    Without any lleadership at least house cannot run.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු