Sat. Jul 6th, 2024
0 0

Views: 23

Read Time:6 Minute, 59 Second

හූ නිව්ස් අප මෙම සටහන උපුටා ගන්නේ මුහුණු පොත තුලිනි. වසර හැත්තෑ තුනක නිල්- කොල , පොහොට්ටු සාතන්ගේ පවුල් පැලැන්ති පාලනය තුලින් පීඩාවට පත් වූ අයෙකු තැබූ සටහනකි මේ
මෙහි වඩාත් වැදගත් වන කාරණය වන්නේ මෙතුවක් කලක් මිනිසුන්ට නොපෙනී තිබූ පවුල් පැලැන්ති වහල්භාවය මිනිසුන්ට දැනෙමින් තිබීමයි , මෙතෙක් කලක් පවුල් පැලැන්ති පාලකයන්ගේ නිර්මිතයන් තුල ජීවත් වූ මිනිසුන්ට යතාර්ථය පෙනීමට පටන් ගෙන තිබීමයි
ඒ වාගේම මෙම සටහන තුලින් පිළිබිඹු වන්නේ තම වහල්භාවය තේරුම් ගත් පිරිසට ගොනු වීමට සමාජ අවකාශයක් නොමැති කමයි නන්නාදුනනා සාමූහිකත්වයේ අපේ වෑයම ඒ උදෙසායි එබැවින් මෙම සටහන අපට සුවිශේෂයි
පාට , පක්ෂ , ජාති , කුල , ආගම් වලට බෙදී වෙන් කොට ඇති ජනසමාජය යලි සමගි කරවීමේ වැඩපිලිවෙලත් ඒ නිවහල් මිනිසුන් තුලින්ම රට ගොඩ නැගීමේ වැඩපිලිවෙලක් නිර්මාණය කොට එම වැඩපිලිවෙල නායකත්වයේ තබා රට ගොඩ නැගීමේ මූලික දළ ආකෘතිය නන්නාදුනනා සහයෝගීතවයේ අප සහ පුරවැසි පවුරේ සාමාජිකයින් එක්ව සකසා ඇත. එය මූලික කොට ගෙන එම වැඩ පිලිවෙල ජනසහභාගීත්ව සහයෝගයෙන් වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි මුහුණු පොත තුල පල වූ ඒ ලිපිය පහතින් දක්වා ඇති අතර නන්නාදුනනා සාමූහීකත්වයේ සහ පුරවැසි පවුරේ රට ගොඩ නගන වැඩ පිලිවෙල හී ලින්කුව ඊට පහලින් දක්වා ඇත.

………………………………………………………………………………..

පොඩි කාලෙ ඉතිහාසය ඉගෙන ගද්දි; සුද්දා ආවා, අරවා කළා, මේවා කළා, අරවා අරං ගියා, මේවා දීලා ගියා, අපිව කෑවා, බ්ලා බ්ලා බ්ලා. අපිත් ඉතින් ඒ කාලේ සුද්දා ගැන වෛර බැඳගෙන අපේ එවුන් ගැන මාර මෙව්වා එකක් හිතට ආරූඩ කර ගත්තේ.

අනේ ඉතින් දැන් මට වයස 26ක්. දෙයියනේ කියලා මගේ ඇස් කන් නාසා හොඳ හැටි සංවේදී නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් වුණා නෙමෙයි, සුද්දා අපෙන් නිදහස් වුණා. අපි අපේ එවුන්ටම වහල්ලු වෙලා. මේ වහල්භාවයෙන් අපි එතෙර වෙයිද කියලා දන්න කෙනෙකුත් නැහැ.

1948 දි අපේ ආර්ථික මට්ටම සහ අද වන විට එහි තත්ත්වය ගැන සංඛ්‍යාලේඛන අරගෙන පෙරලන්න ගියොත් ගලන කඳුලුවලින් ලීටර් 1000 ටැංකියක් පුරවන්න පුලුවන් වෙයි. මේ දුපතෙන් එපිටට සංක්‍රමණය වුණ මිනිස්සු දන්නවා මේ දූපතේ සහ දූපතෙන් එපිට ලෝකය තුළ පවතින දැවැන්ත වෙනස පිළිබඳව.

ලොකුම කරුමෙ කියන්නේ අපි අපේම එවුන්ට වහල් වෙලා ඉන්න බව තවමත් තේරුම් නොගත්ත අති බහුතරයක් සමඟ අපිටත් ජීවත් වෙන්නට සිදු වීමයි. අර කියන්නා වගේ ඒක පූරුවේ කරුමයක් වෙන්න ඇති. ධනය සහ බලය තියෙනවා නම් නීතියේ දෙවඟනට මැද ඇඟිල්ල පෙන්නලා ආතල් එකේ මේ දූපතේ ජීවත් වෙන්න පුලුවන්.

අවුරුදු 73ක අභිමානවත් නිදහස සමරමු කියලා තැන තැන දැක්කා. හිනා වෙන්න තැනක් හොයා ගන්න බැරිව මම මේ ලත වෙන්නේ. පසුගිය අවුරුදු 73 පුරාවට මොනවද මේ දූපතේ සිද්ධ නොවුණේ? අවුරුදු 30 ගාණක් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් දෙකට බෙදිලා මරා ගන්නත් සිද්ධ වුණා නොවැ. ඇත්තටම සුද්දා හිටියා නම් කවදාවත් ලංකාවේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ.

අද අපි කොයි තරම් දුරට සංවිධිත දේශපාලන අවකාශයක් තුළ ජීවත් වෙනවද, ඒ සියල්ලා අර “පර සුද්දට” පිං සිද්ධ වෙන්න ලැබිච්ච ඒවම තමා ඉතින්. සර්ව ජන ඡන්ද බලය නිසා සදාකාලිකව ජරා ගොඩකට ඇද වැටිලා නන්නත්තාර වෙලා ඉන්න අපි හෙටානිද්දට අලුත් නිදහස් දිනයක් ලබා ගැනීම වෙනුවෙන් චීනා සමඟ සටන් වදීවි බොහෝ දුරට.

අද එකම පවුලක සහෝදරයෝ දෙන්නෙක් ජනාධිපති සහ අගමැති! රටේ මුල් පුටු දෙකම එකම පවුලකටයි අයිති. උන් දෙන්නට මේ රට ඇත්තටම හදන්න වුවමණාව තියෙනවා නම් උන්ට මේ රට හදන්න පුලුවන්. නමුත් ඇත්තටම උන්ට එහෙම වුවමණා නැහැ. නන්දසේන මහත්තයා මේ රට එපා කියලා ඇමෙරිකාවට සංක්‍රමණය වුණ පොරක්. අර වීරවංශලගෙ දේශපාලන වාග් කෝශයේ තියෙන එකම වචන දෙක “ජාත්‍යන්තර බලවේග”! අවසානයේදි ඇමෙරිකන් පුරවැසියෙක් ලංකාව කියන ස්වෛරී රටේ ජනාධිපති බවට පත් වෙනවා. ආයෙත්, මට හිනා වෙන්න තැනක් හොයා ගන්න බැහැ.

මම ශෂීන්ද්‍ර රාජපක්ෂගේ පුතා නම්, මගේ තාත්තා (ශෂීන්ද්‍ර) ඇමති. සීයා ඇමති. පොඩි සීයා ජනාධිපති. අනිත් සීයා අගමැති. අනිත් සීයා (බැසිල්) ඇමති. මාමා ඇමති. ආච්චිගෙ පුතා ඇමති. ඔහොම ඔහොම හෙන දිග පරම්පරාවක්ම මෙතන අතාරින්න පුලුවන්. ඉතින් මුන්ට මේ රට හදන්න බැරිද? පුලුවන්! නමුත් හදන්නේ නැහැ.

අනේ අර සක්කිලි සුද්දා, මේක උන්ගේ කොළණියක් කර නොගෙන “නිදහස” දුන්නා. අපි අපේ එවුන්ටම වහල්ලු වුණා. ලෝකෙ අනිත් රටවල් එන්න එන්න උඩට එද්දි අපි වල පල්ලටම යනවා. එහෙව් සිටුඒෂන් එකක් උඩ සමහරු “අභිමානවත් 73 වන අහවල් එක සමරමු” කියලා මගුලක් කියෝනවා.

| අපේ රට යටත් කර ගන්නය කියලා සුද්දාට බල කරන පෙළපාලියක් තිබුණොත් මුලින්ම මට කියාපල්ලා ❤

නන්නාදුනනා සාමූහිකත්වයේ සහ පුරවැසි පවුරේ රට ගොඩ නගන වැඩපිලිවෙලේ දළ ආකෘතියට මෙතැනින් පිවිසෙන්න https://huunews.com/?p=1202

 

මුහුණු පොත මුල් ලිපියට මෙතනින් පිවිසෙන්නhttps://www.facebook.com/photo?fbid=3660713217358458&set=gm.2040024869486055

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු