Sat. Jul 6th, 2024
0 0

Views: 4

Read Time:4 Minute, 36 Second

අපි මේ නිර්මිතයෙන් මිදී සත්‍ය වටහා ගත යුතුයි
උතුර සහ දකුණ ගිණි ඇවුලවූයේ නිල්, කොල පවුල් පැලැන්ති පාලකයෝ සැලසුම් සහගතවයි එහෙම කියන්න ඉතිහාසයේ සාක්ෂි ඇති තරම් උතුරේ තරුණයෝ ප්‍රචන්ඩත්වය වෙත තල්ලු කලේ දශක ගාණක පවුල් පැලැන්ති සැසසුමක් මත අපි මෑත ඉතිහාසයේ සරළ උදාහරණ කීපයක් ගනිමු 56 භාෂා පනත , යාපනය පුස්ථකාලය ගිනි තැබීම කළු ජූලිය ඉන් කීපයක් විතරයි හැබැයි මේ පවුල් පැලැන්ති සැලසුම ඊට වඩා අතීතයේ සිට ක්‍රියාත්මක උන එකක්
දකුණ ගිණි ඇවිල වූයේත් ඒ වගේම උපක්‍රමයකින් කළු ජූලියෙන් පස්සේ පක්ෂ තහනම් කරලා ඔවුන්ව කැලෑවට දැක් වූයේ හිතාමතාමයි
එහෙම තමයි මේ රටේ පාලකයෝ මේ රට තුල සමාජ ව්‍යසන ඇති කලේ ජේ ආර් මිය යන්නට ආසන්න කාලයේ කියනවා ජවිපෙ තහනම් කලේ ඔවුන්ගේ පංති උවමනාවට කියලා
ඇත්තටම අපි අපේ ඇත්ත ජීවිත ගත කරලා තියෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ අපි මේ නිර්මිතයෙන් එළියට ඇවිල්ලා බැලුවොත් අපිට උන්ගේ උපායන් එකින් එක චිත්‍ර පටයක් වගේ පේන්න ගන්නවා
අනෙක් කාරණය තමයි රට දියුණු නැත්තේ මිනිසුන් වැඩ නොකරන නිසා කියලත් සමහරු කියනවා නමුත් ඒ කතාව වැරදියි අපි ලෝකයට ඇ: ඩො: ට්‍රිලියන 13 ක් ණයයි නමුත් රටේ වත් කම් තිබෙන්නේ ඇ:ඩො: ට්‍රිලියන 1. 9 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි ඒවා මේ නිල්- කොල . පොහොට්ටු සාතන්ගේ පවුල් පැලැන්ති පාලකයෝ මංකොල්ල කාලා
ඒ විතරක් නෙමෙයි මදක් විමසිලිමත්ව වට පිට බලන්න මේ සාතන්ගේ පවුල් පැලැන්ති පාලක හැත්ත දිවා රාත්‍රී නොබලා ගල් , වැලි , පස් , ගස් ටිකේ ඉදලා මංකොල්ල කනවා
රටේ මිනිස්සුන්ගේ බත් පතට පවා බදු ගහලා උන් තර වෙනවා , ජාති සම්පත් කුණු කොල්ලයට විකුණනවා . රටේ මිනිස්සු වැඩ නොකරනවා නෙමෙයි බහුතරය රස්සාවල් දෙක තුන කරනවා ඒත් ජීවත් වෙන්න අමාරුයි
ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක් වගේ රටක් මේ රටේ මිනිස්සු මෙහෙම දුක් විදින්න අවශ්‍ය නෑ ඉතාමත් ඉහල ධනපති පන්නයේ රාජ්‍යයක් තමයි ශ්‍රී ලංකාව
අද අපිට මෙහෙමවත් කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පාලකයන්ගේ පාස්කු ප්‍රහාරයේ අරමුණු ඉටු නොවුන නිසයි ඒ වෙලාවේ කාදිනල් මැල්කම් රංජිත් පියතුමා දූර දර්ශීව ක්‍රියා කොට වෙන්නට ගිය ඛේදවාචකය වලක්වා ගත්තේ නැත්නම් අද අපිට වෙන්නේ මිනිස්සුගේ මස් කැදලි උස්සගෙන රෝහල් වෙත දුවන්නයි
මෙන්න මේ වගේ පාලකයෝ නිසයි මේ දිව්‍ය ලෝකයක් වගේ තියෙන රට අපායක් වෙලා තියෙන්නේ පාලකයන්ගේ වැරදි මිනිසුන්ගේ පිට දාන එක පැත්තකින් තියලා අපි මේ රට හදන සැලැස්මක් හදමු මේ රටේ මිනිස්සුන්ට උසස් ජීවන තත්වයකින් ජීවිත විදින්න පුළුවන් ක්‍රමවේදයක් හදමු ඒක කරන්න නම් නිල්- කොල . පොහොට්ටු , රතු කියන සකල විධ වහල් බැමි වලින් මිදිලා අපි සමගි විය යුතුයි සමගිය බලවේ
ඉවසුවා ඇති පිල් බෙදිලා මරා ගන්න එක නවත්තලා අපි යාළු වෙමු සමගිය , සාමය , අවිහිංසාවාදය හැර අපිට වෙන මගක් නෑ
රට හදන වැඩේ පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ විශ්ව කර්ම වැඩක් නෙමෙයි රටේ පුරවැසියන්ගේ වැඩක්
ඒක කරන්න නම් මුලින්ම කොන්දේසි විරහිතව අපි යාළු වෙමු
මේක වමේ හෝ දකුණේ තනි වැඩක් නෙමෙයි මේ රටේ හැම පුරවැසියෙකුගේම වැඩක් වෙන්න ඕන
ඔව් අපි යාළු උනොත් එකා වගේ එකතු උනොත් මේ රට අවුරුදු පහෙන් සුර පුරයක් කරන්න පුළුවන්
ඔව් අපිට පුළුවන්
– නන්නාදුනනා සාමූහීකත්වය –

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු