Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:8 Minute, 29 Second

මින් මතුවට සමාජයේ බෙදුම් රේඛා ගොඩක් නෑ
ජන සංහාරයට පක්ෂවද විපක්ෂවද
ඔව් ඔබෙන් අහන්නේ …. ඔව් ඔබෙන්

-කෝටියක් හෙළයෝ-

———————……………..

ලංකාවේ මේ වෙන කොට බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෝකය අපිට උදව් කරන්නේ රනිල් හින්දා කියලා . මුං හැමදාම එංගලන්ත වැසියෝ මුලා කරපු උන් රනිල් මළ ගෙදර ගියෙත් ඒ නිසයි. මේ කතාවේ කියන්නේ ජේආර් දෙවන එළිසබත් රැජින රවට්ටපු හැටියි. එතුමිය හුස්ම ගන්න කාලේ එතුමියව රැවැට්ටුවේ ජේආර් නම් වූ රනිල්ගේ මාමා.
රවට්ටපු හුස්ම ගන්න කෙනා මැරුණම රනිල් ඒ මළ ගෙදර යන්නේ මැරුණ කෙනා රවට්ටන්න නෙමෙයි . ඒ මැරුණ කෙනාගේ බලය හිමි කෙනා රවට්ටන්න හිතා ගෙනයි .
ජාතික ශෝක දින ඒ නිසයි
මේවා ඇත්ත නෙමෙයි පට්ට පල් බොරු

රනිල් හිතන්නේ එයා කියන දේවල් විස්වාස කරනවා කියලයි.
රනිල් නුඹට ජාතික හෝ විජාතික සහයෝගයක් හිමි නෑ .
රනිල් ගැන අපිට කිය වීමක් තිබ්බා ඒත් දැං ඒක වැරදියි කියලා අපි පිලි ගන්නවා
නුඹ බිය ගුල්ලෙක්
පට්ට මෝඩයෙක්
මෙලෝ හසරක් නැති එකෙක්
– කෝටියක් හෙළයෝ-

……………..———–

හෙලා දැකීමට එහා ගොස් මුන් එළවමු . මුං ජනසංහාරිකයෝ. ගමෙන් පටන් ගමු . මුන්ගේ දාමය බිදින්න ඕන පහලම තැනින් . සමාජ සංවිධානය මේ රටේ කීතු , කීතු වෙන්න බෙදලා අපි ගොඩ නැගිය යුත්තේ එතනයි. මේක අපි හැමෝගෙම අරගලයක් වෙන්න ඕන ඒකට අඩුම ගානේ ග්‍රාමසේවා සභා මට්ටමින් පටන් ගන්න ඕන. අපි හැමෝම සංවිධානය උනාම අරගලයක් කරන්න උවමනා නෑ අපි අරගල කල යුත්තේ ලෝකයක් ප්‍රතික්ෂේප කරපු #අවු:74රේ සාතන්ගේ නාකි හැත්ත එක්ක හෙට්ටු වෙන්න නෙමෙයි රට හදන සැලැස්මකට සංවිධානය වෙන්නයි ගමේ බලය අපේ අතට ගමු පලාත් සභා , ප්‍රාදේශීය සභා මට්ටමින් නියෝජිතයෝ පත් කොට ගමේ හැමෝම ගම් මට්ටමින් ගොස් නාම ලේඛණය මැතිවරණ කොමසාරිස්තුමාට ගෙන ගොස්ම බාර දෙමු .
අපි ත්‍රස්තවාදීන් නොව ප්‍රජාතන්ත්‍රවාදීන් වග ලෝකයට ඔප්පු කරමු අවුරුදු පහක් රටට වැඩ කරමු අවුරුදු දහස් ගාණක් තිස්සේ පැවත එන මේ සුවුශේෂී මානව පැවැතම සුරක්ෂිත කිරීම මේ හුස්ම ගන්න ඔබගේත් මගෙත් ඓතිහාසික වගකීමයි .
අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමු .
කිසිදු දීමනාවක් නොගෙන අවුරුදු පහක් මතු පරපුර වෙනුවෙන් වැඩ කරමු.
මාස හයෙන් හැමෝටම වැටුප් හදා ගන්න පුළුවන්
මේ වගකීමෙන් මිදෙන්න මේ හුස්ම ගන්න උඹටත් මටත් බෑ මචන් මේක අපි ඓතිහාසික වගකීමක් අන්න ඒ දැඩි අධිෂ්ඨාන වලින් තමයි යම් යම් කාල වලදී මේ රටේ වැව් දාගැබ් බැදුනේ
ඔව් , අපිට පුළුවන්
හෙළ ජාන තියෙන එකෙක් කියලා දැනෙන කෝටියක් එකතු වෙයල්ලා
අවුරුදු පහෙන් අපි මේ රට සුර පුරයක් කරනවා. ලෝකයට වෙච්ච ණය සතේට පිය වනවා මුන් මේ රට මංකොල්ල කෑවට හංගලා තියෙන්නේ අගහරු ලෝකයේ නෙමෙයි කියලා අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට ලෝකයක මිනිස්සුන්ගේ ආශිර්වාද සහිතයි.
ගමෙන් පටන් ගමු .
පුළුවන්
– කෝටියක් හෙළයෝ-

………………….———

පක්ෂ එකතු උනා කියලා සෙතක් නෑ මිනිස්සු එකතු වෙයල්ලා.

,,,,,,,,,,,,,,,,………..-

මේ දවස් ටිකට මානව හිමිකම් නඩු කීයක්ද්ද ?
එකාට එකා එරෙහිව නඩු දැම්මොත් එක රාලහාමී කෙනෙක්ට නඩු දහය පහලොව වැටෙන සීන් එකක් තියෙන්නේ
ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඊට එරෙහි වන රාජ්‍ය නිළධාරියාට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීමට කටයුතු කරන්න
මානසික ලෙඩ්ඩු වෙලා සේවයෙන් නෙරපා හැරියම මැරෙන්න වෙන්නේ පාරේ අන්න එදාට මුන්ව රැකපල්ලා
ඇත්තමයි අපිට උන් විදියට හිතන්න බෑ
– කෝටියක් හෙළයෝ-

………….————

ග්‍රාම සේවා පුරවැසි කමුටු හරහා ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ , දරුවන්ගේ සහ ගර්භනී මාතාවන්ගේ පෝෂණ නගා සිටුවන්න දායක වෙන්න අඩුම වශයෙන් ඔවුන් වෙනුවෙන් පොදු කුස්සි ක්‍රමයකට යමු . ශක්තිමත් මතු පරපුරක් ගොඩ නගන එකත් අපේම දෙමව්පියන් වගේ අපේ ගමේ හිටපු වැඩි හිටි පරම්පරාව රැක ගන්න එකත් අපේ වගකීමක් . ඔබගේ ශක්ති පමණ මත අරගලයට හැකි තාක් දායක වෙන්න. මේක කාල බීල ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් ඔව් අපිට පුළුවන් . ග්‍රාමසේවා වසම් මට්ටමින් පුරවැසි කමිටු ගොඩ නගමු
යමු පොදු අරමුණක.
– කෝටියක් හෙළයෝ-

……………….————–

වැඩ කරමු කොහෙන් හරි පටන් ගමු
ග්‍රාම සේවා කමිටු ටිකක් හදා ගන්න එක ලේසියි . ගමේ මානව බැදීම සාමූහික ක්‍රියාකාරීත්වය යලි සවිමත් කරමු
අඩුම ගානේ ගමේ , සිට අර්ධනාගරික කලාප වල සෑම ගමකින්ම සාමූහික සමූපකාර ක්‍රමයක් ගොඩ නගන්න ඕන අවුරුදු තුනක් රටට වවමු අපිට ගම් බහුතරයක ක්‍රියාත්මක වෙලා වගා සංග්‍රාමයක් කරමු මේ මහ පොළව අපිව රකිනවා අපේ අධිෂ්ඨානයට ඒ විස්වාසයේ ශක්තිය තබා ගනිමු
– කෝටියක් හෙළයෝ-

…………————

විවෘත්ත සයිබර් වේදිකාවේ පොදු මධ්‍යෂ්ථානයක් ගොඩ නගමු
සියළු පාර්ෂව කරුවන්ගේ නියෝජිතයින් ලෙස හෝ පුද්ගලයින් ලෙස අදහස් දක්වන්න පුළුවන් සෑම මිනිහෙකුගේ පපුවට දැනෙන්න ඕන මේ ගොඩ නැගෙන්නේ අපගේ මාතුභූමියත් භෞමික අඛන්ඩතාවයත් අපගේ ස්වෛරී බවත් බව අපි මැරෙන්න ඕන මේ රට ගොඩ නගන, නැගූ මිනිසෙකු ලෙස. අපි මැරෙන්නේ අපේ මතු පරපුරට ලස්සන දිව්‍ය ලෝකයක් ඉතුරු කරලා වග
කිසිදු නියාමනයකින් තොර පොදු සයිබර් අවකාශ මධ්‍යෂ්ථානයක් හදමු
– කෝටියක් හෙළයෝ-

………………..——–

ගමේ දරුවෝ සහ වැඩිහිටියෝ රකින මහ ගෙවල් දෙක තුනක් හදමු කරන්න පුළුවන් .

. කෝටියක් හෙළයෝ.-

,,,,,,,,,,,,………….——

රට හදන්න මොකටද රහස් වාර්තා අපි ඔක්කොම එකතු වෙලා එළිපිට වැඩේ කරමු. එහෙම නැත්නම් යම් යාන්ත්‍රණයක් ගොඩ නැගී ආයතන පිහිටුවනකම් ඔබතුමාට බලා ඉන්න වෙනවා. අපි කතා කරන්නේ පුරවැසි සහභාගීත්ව දේශපාලනයක් . ඔවුන් ගොඩ නගන රාජ්‍යයේ ඔවුන් ඔවුන් ගොඩ නගන රට ඔවුන් විසින් භුක්ති විදිය යුතුයි. ලස්සන රටක ලෝකයට ණය නොවී ලස්සන ජීවිතයක් විදලා තමන්ගේ මතු පරපුරටත් ඒ ජීවිතය භුක්ති විදින්න ලැබෙනවා යැයි සහතිකයෙන් සතුටින් මැරෙන්න පුළුවන් වෙන්න ඕන. අපි ගොඩ නගන ආකෘතිය යුක්ති යුක්ත වෙන්න ඕන මිනිස්සු දෙකෝටියකට විතරක් නෙමෙයි ගහකොල සතා සිව්පාවන්ටත් යුක්ති යුක්ත වෙන්න ඕන. අභිමානවත් රාජ්‍යයක පුරවැසියෙක් විදියට අනෙක් රටවල ගෞරවයෙන් සංචාරය කරලා ආපසු මේ මාතෘ භූමියේ අවසන් හුස්ම කැමැත්තෙන් වා තලයට මුසු කරන පරපුරක් හදමු .
එහෙම දෙයක් කරන්න අපිට රහස් වැඩ පිලිවෙලක් ඕන වෙයි කියලා හිතනවද ?

. කෝටියක් හෙළයෝ.-

 

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු