Tue. Jul 2nd, 2024
0 0

Views: 29

Read Time:3 Minute, 9 Second

ඔය මොනව කරත් වැඩක් නෑ 
මේ අවුරුදු හැත්තෑ තුනක පවුල් පැලැන්ති සාමූහික අපරාධ මංකොල්ල කල්ලි වලින් මේ රට මුදා ගන්නකම් මේ රටේ හැම මිනිහටම වෙන්නේ තමගේ ජීවිතයෙන් වන්දි ගෙවලා මතුපරපුර උකස් කරලා මැරෙනවා හැර ජීවිතයක් නම් නෑ
බහුතරය සෘජුව හෝ වක්‍රව මේ පවුල් පැලැන්ති මංකොල්ල කාරයන්ගේ නිර්මිතයන්ට තමන්ගේ ඇත්ත ජීවිත ගෙවෙනවා කියලවත් දන්නේ නෑ
අලිමංකඩවල ගෙවල් හදපු සජිත්ව ලොකු වෙන තරමට සමාජය පහත් වෙලාද ?
තනි පුද්ගලයෙකුට මේ රට ගොඩ ගන්න බෑ
මේ රට අවුරුදු පහෙන් ගොඩ දාන පුළුවන් සාමූහික ප්‍රයත්නයකට විතරයි
ඒ සාමූහික ප්‍රයත්නය ඇති වෙන්න නම් බහුතරයකට ආත්මීය වෙන වැඩපිලිවෙලක් ඕන
මේ රටේ මිනිස්සුන්ට දැන් ගොඩක් මහන්සියි ( පින්ලන්ත අගමැතිනිය කීවා වාගේටත් වඩා මේ රටේ මිනිස්සුන්ට මහන්සියි ) සමහරු මුන්ට කඹුරන්න දවසට රස්සා දෙක තුන කරනවා ජීවත් වෙන්න නෙමෙයි මේ පවුල් පැලැන්ති මංකොල්ල කාරයන්ට සැප දෙන්න.
එහෙම ආත්මීය වැඩ පිලිවෙලක් හදා ගන්න හැමෝම තම තමන්ගේ වපසරිය මත නියමිත සහ හැකියාව ඇති විෂයන් ඔස්සේ මේ රටේ අපි , අපිට ජීවත් වෙන්න පහසුකම් ටික හදා ගමු .
රටක , ජාතියක පැවැත්ම අහෝසි වෙන්න බලපාන ප්‍රධාන කාරණය තමයි යැපුම් පැවැත්ම අහෝසි වෙන එක ඒ පැවැත්ම අහෝසියි කියන්නේ ඒ මිනිස් ප්‍රජාවේ අවසානයයි
මාසයක් තියා දවසක් රට වහන්න බෑ
අපි වහමු රට ඔය රස්සා පැත්තකට දාපල්ලා
අපි එකතු වෙලා හැම බිම් අගලම වවමු අපේ පැවැත්ම ආරක්ෂා කර ගමු .
ඔහොම කියලා කට්ටියට අඩ ගහන්න නම් මිනිස්සුන්ගේ පපුවට දැනෙන වැඩ පිලිවෙලක් අවශ්‍යයි
ඒ වැඩපිලිවෙල පටන් ගන්න කොටම දැනෙන්න ඕන මේ සැලැස්ම ඔවුන්ගේ විතරක් නෙමෙයි ඔවුන්ගේ මතු පරපුරෙත් තිරස්චිතිය උදෙසා කියලා
අන්න ඒ අවබෝධය මිනිස්සුන්ගේ පපුවට කා වැදුනට පස්සේ වැඩ කරන්ඩ ඕන පැය ගාන අණ කරන්ඩ ඕන නෑ
කරන වැඩේ කරන්නේ පපුවෙන් , කැමැත්තෙන්
පුරවැසි පවුර – නන්නාදුනනා සාමූහීකත්වය ඒකා බද්ධව ඉදිරිපත් කල දළ සැකැස්ම සදහා කෝටියක් හෙළයෝ මූලික එකගතාවය පල කොට ඇත.
අඩුපාඩු දකින්නේ නම් යෝජනා ඉදිරිපත් කරන්න
– කෝටියක් හෙළයෝ –

අපේ වැඩපිලිවෙලේ මූලික දළ ආකෘතිය

https://huunews.com/?p=1202&fbclid=IwAR3KfbU0tG43Hhym4vrH6y7i6f6cil3z6DaTvpV76QFT4FUfz-PgYlI_REs

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු