Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:6 Minute, 58 Second

රනිල් තවත් අවස්ථාව තියෙනවා බූස්සේ නොයා බාර වෙන්න
ලිබියාවේ ගඩාපිලට උන දේ නොවෙයි කියලා වගකියන්න බෑ මී ලග ජන සුනාමිය පක්ෂ වලට මෙහෙය වන්න බෑ මේ පාර පාරට එන්නේ පක්ෂ සාමාජිකයෝ නෙමෙයි . උන් තොපේ ජනසංහාරය දකින දවසට තොපේ ඉරණම මොකක් වෙයිද දන්නේ නෑ
උඹලා සුළුවට හිතන්න එපා අවි දරා සිටින්නේ කැප්පෙටිපොළ නිළමෙලාගේ උන්
යටත් වෙයන් රනිල්
– කෝටියක් හෙළයෝ-

——————……..

ඇයි මචන්ලා උඹලට අපිට මේ ඉරණම අත් උනේ
ජීවිතේ ගන හිතමු . රත්තරන් පොළවක ඉපදිලා කාන්තාරෙක බැල මෙහෙ කරන තැනට උඹලගේ අපේ ජීවිත මේ ගාණට වැටුනේ ඇයි කියලා දන්නවද ?
හිතමු. අවුරුදු 74 ක් තිස්සේ පවුල් කීපයක් සෙට් වෙලා අපිව පාට , පක්ෂ , ජාති , ආගම් කුල වලට බෙදලා උන් එකතු වෙලා මේ රත්තරන් රට මංකොල්ල කන නිසයි
අපි ණය වෙන්ඩ ඕන ජාතියක් නෙමෙයි ඒත් අපි ලෝකෙටම ණය වෙලා ඒ මදිවට පිට රැටියන්ගේ වහල්ලු වෙලා
සමාජයේ අති බහුතරයක් අපිත් මිනිස්සු කියලා හිතන දවසට වෙනසක් වෙයි
ඩුබායි අපිට ලියන ලද්දකි.
– කෝටියක් හෙළයෝ-

————————-…………..

අන්තරේ කොල්ලනි , කෙල්ලනි
මේ මොහොතේ ඔබේ , මගේ මාතෘභූමිය ඔබලාගේ වීදි සටන් වලින් ඔබ්බට ඔබලාගේ ආධාර පතනවා . මේ අවු:74 ක සාතන්ගේ පවුල් කල්ලි කීපයේ සැලසුමකට අනුව නූගත් කල සමාජය උගතුන් කල යුතුව ඇත. ගුරු වෘත්තියේ යෙදෙන එඔ වෘත්තිය සදහා නිපුණ අය බහුතරයක් අවිවේකයි ජාතියට අධ්‍යාපනය දෙන්න නෙමෙයි දැණුම තුට්ටු දෙකට විකුණන නිසා එයාලගේ අමතර පංති කාල සටහනත් එක්ක එයාලට ජීවත් වෙන්න තියා හුස්ම ගන්නවත් වෙලාවක් නෑ
මතුපරපුරට නායකත්වය සපයන්න ඉන්න අන්තරේ කට්ටිය දෙමව් පියන්ට උගන්නන්න වැඩ පිලිවෙලක් හදන්න
මේ නූගත් කම කියන්නේ ජන සංහාරයේ කොටසක්
ඊට එරෙහිව වීදි බැසීම නවතා ජාතිය නූගත් බවෙන් මුදවාලන්න පෙරමුණ ගන්න
පක්ෂ නාඩගම තාවකාලිකව ඉවත ලා මේ ජන සංහාරයට එරෙහිව සාමූහිකව මැදිහත් වෙමු
අපි මේ රටේ අවුරුදු දාස් ගාණක උරුමයක් තියෙන මිනිස්සු
ලෝකයේ නැව් කර්මාන්තයට ප්‍රචලිත වූ රටක්
රෝමයට පවා ත්‍යාග වශයෙන් නැව් දුන්නා යැයි කියපු රටක්
පිට රටට සහල් අපණයනය කලා යැයි ඉතිහාස මූලාශ්‍ර වල සදහන් වෙන රටක්
අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක පට වාරි කර්මාන්තයට නිපුණ වූ රටක්
මහා සයුර මෙන් වැව් බැදි ජාතියක්
සාක්ෂි ඉල්ලන අය මීට අවුරුදු 2300 කට කලින් මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු කිසිම රටකට ණය නොවී කල ව්‍යාපෘති වල සාක්ෂි විදියට සොරබොර වැව අදටත් සාක්ෂියි සහ ජීවමානයි
අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ සාතන්ගේ පවුල් පැලැන්ති කල්ලිය සැලසුම් සහගතව ජන සංහාරයක නොනනවත්වා ක්‍රියාත්මක වන වග බහුතර මිනිස්සුන්ට උගන්වන්න . ඒ මිනිස්සුන්ට අකුරු උගන්වන්න
ඒ මිනිස්සුන්ට වෙනත් භාෂාවන් උගන්වන්න
ඒත් එක්කම අවුරුදු පහකට පක්ෂ කටයුතු වෙනුවට මේ ජනසංහාරයට එරෙහිව සාමූහිකව මුහුණ දෙමු
මේ වන විට ජාතික ජන බලවේගය මගින් අත්හදා බලන ලද ජන ගොවිපොළ ක්‍රමය සාර්තකයි
ආහාර අවශ්‍යතාවය ඔවුන් සපුරාවි ඒකට එයාලා ඒ පක්ෂ ගුබ්බෑයම් වලින් එළියට එන්න ඕන .
මේ ජන සංහාරයට එරෙහි මිනිස්සු තවත් පමා නොකොට ඊට එරෙහිව තන්ගේ ධාරිතාවය මේ මිනිස් ජීවිත මනුෂ්‍යත්වයට ඔසවා තබන්නට වෙහෙසෙමු.
අවුරුදු පහෙන් අපට යුරෝපීය සහ ස්කැන්ඩිනේවියානු සමාජයේ මිනිස් ජීවිතයක් දක්වා උසස් කල හැකියි .
අවුරුදු තුනක් ඇතුලත අපක්ෂපාතී අන්තර් ජාතික සම සහයෝගිතා පූර්ණ පරීක්ෂණයකට මේ අවු:74 ක කාලය පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කල යුතුය . ඉන් පසු මේ රටේ මහජන දේපොළ අයතා ලෙස සොරා කෑ අයගෙන් ඒවා ලබා ගත යුතුය.
ගල් , වැලි , පස් , ගස් , ටිකේ පටන් මංකොල්ල කෑ උන්ගෙන් ඒවා අය කර ගත යුතුය.
අවුරුදු තුනෙන් අපිට ලෝකයේ ආර්ථිකමය බලවත් රාජ්‍යයක් වෙන්න වෙන්න පුළුවන් ඒ සමාජ පරිවර්තය සංස්කෘතික තිගැස්මකට ලක් නොවන්නට නම් අප කල යුත්තේ මේ සමාජ පරිවර්තනයට සමගාමීව සංස්කෘතික විප්ලවයක් කිරීමයි
අන්තරේ කොල්ලනි කෙල්ලනි අපි අපේ මිනිස්සුන්ට උගන්වමු
ගමේන් පටන් ගමු
ගමම සාමූහික ගොවිපලක් කරමු
අධ්‍යාපන මධ්‍යෂ්ථානයක් කරමු
ඇත්ත මිනිස් ජීවිතයක් ඒ අපේම උන්ට උරුම කරලා දෙමු
අපි අපේ ඇත්ත ජීවිත හොයමු
අපිට පුළුවන්
එකතු වෙයල්ලා
ග්‍රාම සේවා වසම් මට්ටමින් සංවිධානය වෙමු
ඔව් අපිට පුළුවන්
ජන සංහාරක් රනිල් තොපේ කාලය අවසන්
අපාගත ජීවිත ගෙවපු උන්ට තතාගත අවසානයක් නෑ
බොරු ජීවිතෙන් ඇත්ත අපාගත ජීවිතයකට ඕන කරන රෙදි කඩමාලු ලෑස්ති කර ගනින්
අපි දන්නවා තොපි සාතන්ලගේ මිනිස්සු වග
අපි තවත් තොපිට ලේ දෙන්නේ නෑ
කැමති උන් මේ මොහොතේ පටන් තම නිපුණ ක්‍රේත්‍රය අනුව උර දෙන්න අපි නැවතත් මේ බිමේ රාජ්‍යය ස්ථාපිත කරමු
ජාතික පැවැත්ම තහවුරු කරමු
රට වෙනුවෙන් අවුරුදු පහක් වෙහෙසෙමු
විවිධ භාෂා , ආගම් , ඇදහිලි , විස්වාස දැරුවත් ඒ මින්ස් ජාතිය සංහාරය කරන්න ඉඩ දෙන්න බෑ
සෙට් වෙමු
අපි මිනිස්සු
මේ මාතුභූමියේ අපිට උරුම අපේ ඇත්ත ජීවිත හොයමු
මතුපරපුරට එහි භුක්තිය සහ වගකීම පවරමු
– කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු