Sat. Jul 6th, 2024
1 0

Views: 0

Read Time:18 Minute, 25 Second

බල ලෝභියෝ බෙල හීන කරමු
– කෝටියක් හෙළයෝ-


අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය ජනතාවාදී කොට පවුල් පැලැන්ති කල්ලියෙන් නිදහස් කර ගන්න ඕන ඒත් එක්කම සමූපකාර පද්ධතිය ජනතාව අත් පත් කර ගත්තොත් බඩගින්නේ නොතියා මිනිස්සු ජීවත් කර වන්න පුළුවන්. එහෙම නොවුනොත් මුන් මේකෙන් ප්‍රයෝජන අරන් මරන්න පුළුවන් උපරිමයෙන් නාගරික දුගී ජනතාව මරා දමනු ඇති.
ඉන්දියාවේ යාචකයන්ට පවා ලංකාවේ ඛේදවාචකය දැනෙනවා ඒත් කනගාටුයි ලංකාවේ මිනිස්සුන්ට මේකේ බරපතල කම තේරුම් ගන්න බෑ
මිනිස්සු බහුතරය සමගිව වැඩ කලොත් , වැඩ කරන්න සූදානම් උනොත් , එක අරමුණක පිහිටා සංවිධානය උනොත් අපිට අවුරුදු පහකින් යුරෝපීය සමාජ මට්ටමකට එන්න පුළුවන්
– කෝටියක් හෙළයෝ –


පොලීසිය අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති වහල් ග්‍රහනයෙන් මුදවා ගැනීම පොලීසියේම තරුපටි රාජ්‍යලාංජන පැලදි රට දැය සුරැකීමට කැප උන අයගේම වැඩක්.
වහල්කම කරනවද ?
වගකීම ඉටු කරනවාද ?
– කෝටියක් හෙළයෝ-

———————–……..

මේ වගේ වැඩකට නිකන් බහින්නේ නෑ මැරෙන්න බය නෑ මහත්තයා.
මළමිනී වගේ ජීවත් වෙනවට වඩා ජීවිත් වෙන එක මොහොත හෝ ඇත්තට ජීවත් වෙලා ඇත්ත ජීවිත හොයපු උන් විදියට මැරෙන්න ලෑස්තියි. ඒත් ඒක එයාලට ලේසි නෑ මොකද අපි අවිහිංසාවාදියි .

-කෝටියක් හෙළයෝ-

————-………….

74 ඇයි විකාරයක් වෙන්නේ මේක එක දවසින් වෙච්ච හෝ කරපු දෙයක් නෙමෙයි මේ කල්ලතෝනි කල්ලිය අවුරුදු හැත්තෑ හතරක් මේ රට මංකොල්ල කනවා . ඒකේ ප්‍රතිපල තමයි අපි මේ බුක්ති විදින්නේ ඔබ මේ දකින යතාර්තයද උන්ගේ නිර්මිතයකි. නිර්මිතයන් වල ජීවත් වෙන අයට ඕක නිර්මිතයක් මේ රටේ යතාර්තයට අනුව උඹට මීට වඩා ඉහල ජීවිතයක් උරුමයි. බහුතරය තම උරුමය නිවරදිව හදුනා නොගත් නිසයි . උන්ට තවමත් පාලක පැලැන්තියේ නිර්මිතයන් ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ
තිස් අවුරුදු යුද්ධය උන්ගේ නිර්මිතයක්
1979 තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදී පණත සම්මත කරන්නේ ඊට පස්සේ යාපනය පුස්ථකාලයට ගිණි තියනවා, ඊට පස්සේ කළු ජූලිය ඊට පස්සේ දකුණේ පක්ෂ තහනම් කරලා තරුණයෝ කැලේට දක්කනවා උතුර දකුණ පාලකයෝ එකවර ගිණි තිබ්බේ එහෙමයි ඒ කාලේ අදවගේ ස්මාර්ට් පෝන් තිබ්බේ නෑ. මේ සැරෙත් බස් එහෙම ගිණිතියලා වැඩේ දෙන්නයි ගියේ අපි හැමෝම මෙදා බේරිලා ඉන්නේ කොල්ලෝ අතේ ස්මාර්ට් පෝන් තිබ්බ හින්දා
තාමත් 74 විකාරයක් කියලා හිතෙනවා නම්
සයිබර් අවකාශයේ නූගත් ප්‍රමාණයේ තරම තමයි හිතන්න වෙන්නෙ

—————-………..

නෑ මිනිස්සුන්ට වටහා දෙන්න ඕන ලංකාවේ අර්බුධයක් නෙමෙයි තියෙන්නේ. අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ලයේ දිග පළලයි . උන්ගේ හොරාකාපු සල්ලි ටික ආපහු ගත්තම මොන අර්බුධයක්ද තවත් පරම්පරා හතකට රට ගොඩ දාන්න පුළුවන්

——————-……………

ඒකෙන් ගොඩ එන්න තමයි සාමූහික අරගලයක යෙදෙමු කියන්නේ
මේ මොහොතේ ලොකුම අරගලය සාමය සහ අවිහිංසාවාදය පවත්වා ගැනීමයි .
සමූපකාර පද්ධතිය ජනතා යහපත වෙනුවෙන් අත්පත් කර ගත යුතුයි .
මේ ඔක්කොම කරන්න පොදු සයිබර් වේදිකාවක් අවශ්‍යයි . එවිට මිනිස්සු අවිහිංසාවෙන් ඔබ්බට ගමන් කරන්නේ නෑ අපට පොදු වේදිකාවක් නැති එකෙන් වෙන්නේ උන්ගේ සයිබර් කඩාකප්පල් කාරීන්ගේ උගුල් වලට අහු වෙන එකයි . මේ වැඩ පැනික් වෙලා කරන්න බෑ ගමේ මිනිස්සු සමගි කරන්න කොළඹින් එන්න ඕනද ? කොළඹ උන් සමගි කරන්න පිටරටින් එන්න ඕනද? මේවා කරන්න ඕන අපිමයි එක් නිෂ්චිත කේන්ද්‍ර සමූහයන් මගින් ක්‍රියාත්මක වෙන එකයි ආරක්ෂිතම.

——————…………

කිසිවෙකු අරමුණකින් තොරව පාරට බහින්න එපා. පළමුව සංවිධානය වෙමු පොදු සයිබර් අරගල වේදිකාවක් හදා ගමු ගමෙන් පටන් ගමු. සාමකාමීව ගමේ වැඩිහිටි උදවිය සහ කැමති නම් පූජකතුමන්ලාද සමගින් සාමකාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල , දිසාපති කාර්යාල මගින් ප්‍රදේශයේ සමූපකාර පද්ධතිය නිසි කළමණාකරනයකට ලක් කල යුතුය. ප්‍රදේශයේ උ:පෙළ සමතුන් සහ උපාධිධාරීන් මූලික කොට ගමේ පරිපාලන බලය ඒ දරුවන් අතට පත් කරන්න පියවර ගන්න.
උන්ට අවශ්‍ය අපි කුපිතව පාරට කැදවන්න උන්ගේ උගුල් වලට හසු නොවෙමු
සමගිය , සාමය, සමාදානය සහ අවිහිංසාවාදය හැර විකල්පයක් නෑ උන් සාතන්ලගේ මිනිස්සු. – කෝටියක් හෙළයෝ-

————-………..

මේ මොහොතේ අපි කටයුතු කරන්නේ නන්නාදුනවයි. උපදෙස් පරිදි තවත් අවුරුදු දෙකක් ඉදිරියට වැඩ කරන්නෙත් නන්නාදුනවයි . අපි හැප්පෙන්නේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ රටක් මංකොල්ල කන , රටේ යුද්ධ නිර්මාණයකල යුද්ධෙට ගේන අවියෙනුත් උන්ඩෙනුත් කොමිස් ගහපු. රටක පාරම්පරික මිනිසුන් ඉලක්ක කොට මානව සංහාරයක් කරන අති භයානක සාතන්ගේ පවුල් පැලැන්ති කල්ලි ටිකක් එක්ක. ඔබතුමාගේ ඉල්ලීම මේ මොහොතේ ඉටු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක් සමාවන්න

——-………

රනිල් වික්‍රමසිංහ තමුන්ට ආය මේ රටේ මිනිස්සු අශිෂ්ඨයෝ කියලා ලෝකෙට කියන්න ඉඩ තියන්නේ නෑ. අවිහිංසාවාදයෙන් තොර කිසිදු විකල්පයක් නෑ.

——………

අපි වැඩ කරමු සහෝදරයා
මේ අවස්ථාව නැවත එන්නේ නෑ සමාජය ප්‍රචන්ඩත්වයට යා නොදී රැක ගන්න ඕන . පුද්ගල කේන්ද්‍රීය හෝ පක්ෂ කේන්ද්‍රීය අරගල මේ මොහොතේ වාස්තවික උත්සාහයන් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ සමාජ පරිවර්තනයක් අපි ඒකට ඉඩ දෙමු . මිනිස්සු සංවිධානය කරමු මිනිසුන් මේ දීන භාවයෙන් මුදවා නායකයින් කරමු . මේ වත්මන උදාහරණයකට ගෙන වහා ක්‍රියාත්මක වන පරිදි රටේ බහුතරයකගේ පැවැත්ම තහවුරු කල යුතුයි . නිසි වෛද්‍ය පහසුකම් නෑ , කෑම බීම නෑ මේ බහුතරය මනුස්සත්වයට ඔසවා තැබිය යුතුයි සමාජයේ සිද්ධ වෙන්නේ සමාජ පරිවර්ථනයක්. ඉන් අනතුරුවයි මේ රටේ සංස්කෘතික විප්ලවයක් කල යුත්තේ අපිත් කෙසේ හෝ උත්සාහ කල යුත්තේ යුරෝපය ස්කැන්ඩිනේයානු රටවල සමාජ තත්වයක් දක්වා අපේ සමාජය ලේසියෙන් තල්ලු කල හැකිය අපේ ඓතිහාසික වගකීම එය යැයි අපගේ තක්සේරුවයි . නායකයෝ ගොඩ නැගුනොත් අපට නන්නාදුනවම විශ්‍රාම ගත හැකියි. ඇත්තමයි මහත්තයා අපිට දැන් වෙහෙසයි. ඔබත් මමත් අපි හැමෝමත් සමාජ පරිවර්තනයක කොටස් කරුවෝ එදාට අපි ඔක්කොම කෝටියක් හෙළයෝ-
අප මුණ ගැසෙනු ඇති .

————…………

තවත් ලේ දෙන්න බෑ මචන්ලා ඇති මේ මහපොළව මිනිස් ලේ දැක්කා. අවිහිංසාවාදය හැර මගක් නෑ මුන් සාතන්ලගේ මිනිස්සු .

– කෝටියක් හෙළයෝ-

—————-,,,,,,,,,,,,,

උපරිමයෙන් උත්සාහ කරමු . ලෝකයක් අපි හිහා බලන් සිටිනවා . හෙළයන්ගේ හටන් කලාව වෙනස් අවිහිංසාවාදය හැර මගක් නෑ මේක සුර -අසුර යුද්ධයක්
ලේ පිපාසිත සාතන්ලාට එරෙහිව අවිහිංසාවාදී අරගලයක් මන්ද අපි ඉතාමත් සූක්ෂමව සටන් කලාව අධ්‍යනය කලා අපි ලේ දීපු හැම වතාවෙම අපි පරාදයි ඉතිහාසය කියන්නේ අපිට උගන්වපු දේට වඩා අපි දැකපු දේ
සටන අත් නොහරිමු
සටන් ක්‍රමය වෙනස් කරමු
අවිහිංසාවාදය , මෛත්‍රිය සාමූහීකත්වය සාමය , සමාදානත්වය මේ අවි වලට ඉහල අවියක් ලොව නැත.
– කෝටියක් හෙළයෝ-

————……….

සමූපකාර මුලින් ජන අයිතියට ගමු
මරණයට කැප වූ මිනිසුන් බේර ගමු නාගරික කලාපයේ පොදු කුස්සි ගොඩ නගමු .
– කෝටියක් හෙළයෝ –

————………..

උපරිමයෙන් උත්සාහ කරමු . ලෝකයක් අපි හිහා බලන් සිටිනවා . හෙළයන්ගේ හටන් කලාව වෙනස් අවිහිංසාවාදය හැර මගක් නෑ මේක සුර -අසුර යුද්ධයක්
ලේ පිපාසිත සාතන්ලාට එරෙහිව අවිහිංසාවාදී අරගලයක් මන්ද අපි ඉතාමත් සූක්ෂමව සටන් කලාව අධ්‍යනය කලා අපි ලේ දීපු හැම වතාවෙම අපි පරාදයි ඉතිහාසය කියන්නේ අපිට උගන්වපු දේට වඩා අපි දැකපු දේ
සටන අත් නොහරිමු
සටන් ක්‍රමය වෙනස් කරමු
අවිහිංසාවාදය , මෛත්‍රිය සාමූහීකත්වය සාමය , සමාදානත්වය මේ අවි වලට ඉහල අවියක් ලොව නැත.
– කෝටියක් හෙළයෝ-

—————–………

සටන අත් නොහරිමු
ශිෂ්ඨ සටනක් කරමු ,
අපි දිනා අවසන් . සංවිධානය වෙමු. වගකීම් පවරා ගනිමු
-කෝටියක් හෙළයෝ –

————……….

නාගරික දුගී මිනිසුන් බේරා ගැනීමට පොදු කුස්සි ඉදිකරමු.
– කෝටියක් හෙළයෝ-

———–………

නෑ මේ වෙලාවේ ප්‍රමුඛ සාගින්නේ හෝ මංකොල්ල කරුවෙකු,ව මියැදෙන්නට නියමිත නාගරික දුගී මිනිසුන්ගේ ජීවිත තවත් එක දවසක් හෝ ජිවත් කරවීම පිණිසය
– කෝටියක් හෙළයෝ-


 

නීතිය , සාමය සහ ආරක්ෂාව සුරකින්න කියලා පොලිස් මූලස්ථානය සහ ත්‍රිවිධ හමුදා මූලස්ථානය මිනිස්සු වටලන දිනන වැඩි ඈතක නොවේ . හෙට උනත් වෙන්න පුළුවන් ලෝකයක් පුරා පැතිරෙණ පුවතක් .
– නන්නාදුනනා සාමූහීකත්වය-


 

ඉබාගාතේ පාරට බැහැලා මුන් පරද්දන්න බෑ . නිසි සංවිධානාත්මක බවක් නැතිව. මිනිස්සු සංවිධානය වූ වහාම ඒ බව සනාත කිරීමට සමූපකාර පද්ධතිය අල්ලා ගත යුතුයි .
මේක මිනිස්සුන්ගේ ජීවිතයත් – මරණයත් අතර අරගලයක මුන් සාතන්ලගේ මිනිස්සු ලේ දුන්නොත් ශක්තිමත් වෙන්නේ උන් උන්ට ලේ නැතිව හාමත් වෙලා ඉන්නේ ලේ නොදී අවිහිංසාවාදී අරගලයක නියැලෙමු . ප්‍රචන්ඩත්වය නැතිව උන්ට තව සතියක් දුවන්න බැරි මට්ටමට වැටිලයි ඉන්නේ
මුං මේ අවුරුදු හැත්තෑ හතර පුරාවටම කලේ ලංකාවේ පාරම්පරික මිනිස්සු ඉලක්ක කර ගත්ත ජන සංහාරයක් . මුන්ගේ එක ප්ලෑන් එකක් පාස්කු ප්‍රහාරය ඒ ගින්න කාදිනල් තුමා පල්ලිය ඇතුලෙම නිවා දැමූ නිසා අඛණ්ඩ ජනසංහාරය මේ මොහොතේ නතර වෙලා මුන්ට පිස්සු වැදිලා. අපි මේ මොහොතේ කුස ගින්නෙන් මැරෙන්න නියමිත මිනිස් ජීවිත බේර ගන්න සාමූහිකව වැඩ කරමු .

– කෝටියක් හෙළයෝ-


පාරට බැහැලා වැඩක් නෑ
අපි සමගියි එකමුතුයි කියා ඔප්පු කරන්න ගමේ සමූපකාර බලය ගමේ තරුණයින් අතට ගන්න. අපිට බලය පෙන්නන්න උවමනා නෑ බලය පෙන්වා අවසන් වෙච්ච දේ උන විදිය වැඩක් නෑ ඒක වෙලා ඉවරයි. මිනිස්සු එකතු උනොත් බලවත් කියලා ඔප්පු කරලා අවසන් දැං අපට ඉතිරිව ඇත්තේ මිනිස්සු ඔක්කොම එකතුව රාජ්‍යයේ යාන්ත්‍රණයක් ගොඩ නගන එකයි . ඒක අපි ක්‍රමක් ක්‍රමයෙන් ගොඩ නගමු . පොදු කුස්සි ක්‍රමයකට යමු .සමූපකාර ටික අල්ලගෙන තෑගි බෝග අරන් ගමේ අය ආසන්නම නගරයට එමු. එහෙම කරන්න අඩුම ගානේ පොදු කුස්සි ක්‍රමයකට යායුතුයි.
– කෝටියක් හෙළයෝ-


උඹලගේ ගෙදර ගෑණි දරුවට කන්න දෙන්න මිනිස්සුන්ගේ එදා වේලෙනුත් බදු ගහලා ගන්න සල්ලි වලින් . කෝ මේ රාජ්‍යයේ හමුදාවන් සහ පොලීසිය.
– කෝටියක් හෙළයෝ-


මහ උන් බදු හොරු නුඹලාට වැටුප් ගෙවන්නේ මේ රටේ දුගී දුප්පත් මිනිස්සුන්ගේ බත් පතෙන් . කෝ මේ රටේ මහජන ගමුදාවන් සහ පොලීසිය,

– කෝටියක් හෙළයෝ-

…………—–

බලය පෙන්නා අවසන් . පලවා හරින්නට සාමකාමී ක්‍රියාමාර්ග තෝරමු.නාගරික වතු ලේන් වල අය පොදු කුස්සි ක්‍රමයකට යමු ,

– කෝටියක් හෙළයෝ-

………..———–

ගමේ ඉදන් කට්ටිය නගරයට නෑ ගම් එන දාට යන්නැතිඅය යයි. සංවිධානය වෙමු!

– කෝටියක් හෙළයෝ-

—————-….

පක්ෂ කතන්දරයක් නෙමෙයි තියෙන්නේ අපි උඹලගේ හෙට දවසේ හුස්ම ගැන ප්‍රස්නයක් ඔය ගුබ්බෑයම් වලින් එළියට ඇවිල්ලා සමගි වෙමු.

-කෝටියක් හෙළයෝ.

———-…………..

උන්ගේ ගුබ්බෑයම් වලින් එළියට එන්න කිව්වම විපක්ෂය ශක්තිමත් වෙන්න ඕනලු. අනේ මන්දා මහත්තයා ඔයාලා තාම ජීවත් වෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ . ඔබගේ ඇත්ත ජීවිතය සොයන්න මේ මාතෘභූමියේ ඔබට මීට ඉහල ජීවිතයක් උරුමයි
– කෝටියක් හෙළයෝ-


 

පාස්කු නන්දෙයි – රනිලුයි යටත් වෙයව්!
කෝටියක් හෙළයෝ-


 

ලංකාවේ තිබෙන්නේ මේ වගේ ප්‍රස්නයක්ද ? #අවු:74 ක් තිස්සේ පවුල් පැලැන්ති කල්ලි ටිකක් මේ රට මංකොල්ල කන එක පේන්නේ නැද්ද ?

—-..

 

නුඹලා වහල් හමුදාවක් . රට ජාතියට අදාල වෙන්නේ රට ජාතිය විතරමයි .

-කෝටියක් හෙළයෝ-


අරූගේ මුගේ සෙන්පතියෝ කියන්නෙම වහල්ලු රටේ සෙන්පතියෝ වෙයල්ලා
– කෝටියක් හෙළයෝ-


මේ වෙලාව උචිත වචන හරඹයකට නොවෙයි
හෙට දිනයේ පාලක උගුල් මත දගලන මිනිසුන්ගේ ජීවිත වලට ආලෝකය සැපයීමයි . ඔබට හැකි දෙය ඔබ කරන්න. ද්‍රෝහියෝ ලෙස හෝ ත්‍රස්තවාදියෝ හෝ රණවිරුවෝ ලෙස මරා දැම්මේ මේ රටේ හුස්ම ගත්ත මිනිස් ජීවිත.
ත්‍රස්තවාදී කාල වලදී ආහාර හිගයක් තිබ්බේ නෑ නේද ?
එව්වා තමයි බිස්නස් කියන්නේ
මේ වෙලාවේ උන් බංකොලොත් උන්ගේ බිස්නස් බැහලා
අපි දෙගොල්ලකට රණ විරුවෝ සහ ත්‍රස්තවාදියෝ සෙල්ලම කරන්න වෙනවා .. වෙනවා නෙමෙයි , මේ වෙනකොටත් කොරනවා කාදිනල් තුමා ගින්න නිව්වේ නැත්නම්
ඇත්තටම අපි ජීවත් වෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ නෙමෙයිද
නිර්මිතයෙන් මිදෙමු යතාර්තය දකිමු öබේ මගේ මේ රට #අවු:74 ක් තිස්සේ කල්ලි කීපයක් මංකොල්ල කනවා .
මේක තේරුම් ගන්න පුළුවන් අයට අතීතය චිත්‍ර පටයක් වගේ දකින්න පුළුවන් . වර්තමානයෙන් අතීතය කියවමු . – කෝටියක් හෙළයෝ-


නිකම්ම .. නිකම් ජොනිය අල්ල ගන්න බැරි රාජ්‍ය හමුදා, පොලීසිය , බුද්ධි අංශ ඇත්ත පාස්කු ත්‍රස්තවාදියෝ අල්ලයි කියලා හිතනවද ?
– කෝටියක් හෙළයෝ-

…….—

මුං හොරු , මංකොල්ලකාරයෝ , අපරාධකාරයෝ විතරක් නෙමෙයි ජන සංහාරකයෝ ලෝකය ඒක පිලි ගෙන අවසන් ඒකයි ආධාර දෙන්නේ නැත්තේ . මේ ගෙවෙන සෑම තප්පරයකින්ම පැහැදිලි වෙන්නේ ලංකාවේ හමුදාවන් , බුද්ධි අංශ, පොලීසි යනු කුලී හමුදාවන් මිස රාජ්‍යය ආයතන නොවන බවයි .

– කෝටියක් හෙළයෝ-

————–..

මුන් ලංකාවේ පොලීසිය නෙමෙයි
මුං කුලී හමුදාවක් ගෝල්ෆේස් අරගල කරුවන්ට එල්ල කරන පොලිස් මැර ප්‍රහාරය හෙදා දකිමු .

-කෝටියක් හෙළයෝ –

—————-..

මිනිස්සු
මේ රට අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මංකොල්ල කන ත්‍රස්තවාදී අපරාධකාරයන්ට එරෙහිව දවසින් දවස ඉදිරියට මිනිස්සුන්ගෙන් දවසින් දවස ගොඩ නැගෙන පුරවැසියන්ගේ පවුරයි. පුරවැසි පවුරු බිදපු පාලකයෝ නෑ
ඔය කට්ටිය ඔය කයිවාරු ගහන එල්ටීටීඊ එක හැදුවෙත් ජේආරුයි රනිලුයි . ඔය විස්තර ඔබ කියන හමුදාව හෝ පොලීසිය බාර අය දන්නේ නැද්ද
කුඩු බිස්නස් එකයි පාතාලෙයි කාගෙද කියලා දන්නේ නැද්ද ? මොකටද ඔය තරු – පටි
අපි කෝටියක් හෙළයෝ-


කොළඹ ගෝටා ගෝ හෝම් ගමට එල්ල කල රනිල්- ඝෝඨා ත්‍රස්තවාදී මැර ප්‍රහාරය තරයේ හෙලා දකිමු!
-කෝටියක් හෙළයෝ-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු