Sat. May 18th, 2024
0 0

Views: 0

Read Time:9 Minute, 22 Second

හූ සයිබර් අවකාශයේ ජන්ද වලි
බහුතර මිනිස් ජීවිත මරු කට ලග
– කෝටියක් හෙළයෝ-


74 සාතන්ගේ පවුල් පැලැන්ති ඔලු ගෙඩි මාරු සෙල්ලම් නාට්‍ය හරි යන්නේ නෑ
අපිට තොපි ඔක්කොම එපා. – කෝටියක් හෙළයෝ-


ගමෙන් පටන් ගමු නේද ?
ගමේ හොරු ටික ගමේ මිනිස්සු පන්නපල්ලා ගම් දෙක තුනක වෙන කොට බැසිල්ලා යටත් වෙනවා


ජන්ද වැඩ පස්සේ බලමු මිනිස් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක් අවශ්‍යයි
පාට පක්ෂ ජාති කුල ආගම් භේද ඉවතලා සමගි වෙමු. – කෝටියක් හෙළයෝ-


උඩින් පටන් ගන්නේ මොන තක්සේරුවක් මත පදනම්වද ? මේක මිනිස් ජීවිත ගැන ප්‍රස්නයක් . ලේ දීලා ලබන ජයක් නෑ. තිස් අවුරුදු යුද්ධ ඇති කරපු උන් එක්ක උඩින් ගේම ඉල්ලන්න ඔයාලා ඔය වැඩ කරන්නේ මොන ආරක්ෂක තක්සේරුවක ඉදලද ?
අනික මේක ඔයාලගේ මෙයාලගේ වාදෙක හරි කාරයින්ගේ වැඩක් නෙමෙයි
අපේ වැඩක් කියන තැනට සමාජය එන්න ඕන. සමාජ අවබෝධ මට්ටම ලංකාවේ සීග්‍රයෙන් ඉහල යමින් තිබෙන්නේ ඔයාලගේ ඔය නිර්මිත තව දින කීපයකින් අහෝසියි


සහෝදරයා වැඩේ ඉවර කරලා කතා කරමු .
මේ සමාජ තත්වය ඉතා බැරෑරුම් තැනක තියෙන්නේ
අපි අරගල කරන්නේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති කල්ලියක් එක්ක
තිස් අවුරුදු යුද්ධවාගේ භයාන නිර්මිතයන් ගොඩ නැගූ අතිශය කෲර මිනිස්සු එක්ක
සැමට එළිපිට කතා කරන්න සයිබර් ම්ධ්‍යෂ්ථානයක් ගොඩ නගමු
අපි කෝටියක් හෙළයෝ.
ජයෙන් අහවර උනොත් මෝය කටේදී හමුවෙමු


පොදු සයිබර් මධ්‍යෂ්ථානයක් ගොඩ නගමු ඒක ඔයාලම කරන්න
ජනසහභාගීත්ව දේශපාලනය අත් හදා බලමු
මේ අවුරුදු හැත්තෑ හතරක ජනසංහාරක සැලසුම් පරාජය කරමු
නැවත ශ්‍රී ලාංකීය හෙළ ජාතිය ගොඩ නගමු තවත් අවුරුදු සීයකට දෙසීයකටවත් මේ රටේ මානව සහ ස්වභාවික පැවැත්ම ස්ථාවර කරලා මැරෙමු ඊට අල්ප මාත්‍රයක් හෝ දායකත්වය සපයමු
අපි සූදානම්


සියයට හතලිහක අන්තර්කලාපීය සහ සම්බන්දිත වන ඝණත්වයක් කියන අදහස ගැන ඔබලාගේ අදහස කුමක්ද මේවා කතා කරන්න සයිබර් වේදිකාවක් තනන්න


රට ගොඩ නගන දළ ආකෘතියේ එකගතාවයන් ඇති කර ගත හැකි තැන් තිබේදැයි බලන්න
අප ඉන්නේ සමාජ චලන අවධියක මේ කාල වකවානුව නිවරදි දිශාවකට තල්ලු කරන්න පුළුවන් උනොත් අපිට ස්කැන්ඩිනේවියන් සමාජ තත්වයක් දක්වා ලංකා සමාජය තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා අපි තක්සේරු කරනවා
උත්සාහ කරමු

http://https://huunews.com/?p=1202


මේ අර්බුධය රාජපක්ෂලා උඩින් දාලා තවත් හොර කල්ලියක් බලයට ගේන්න මිනිස්සු දැන් ලෑස්ති නෑ
රටේ යුද්ධ ඇති කරලා ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පර හැත්ත මේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට පාලනය කරපු පවුල් පැලැන්ති මංකොල්ල කල්ලි ඔක්කොම මේකට වග කියන්න ඕන


හොරු ප්‍රතික්ෂේප කිරීම පටන් ගෙන ඇත.
ඔබේ යුතුකම ඔබේ ගමෙන් පටන් ගන්න
එය මේ මොහොතේ ඔබේ පපුව ගැන ප්‍රස්නයක්


වැරදි අදහස් සමාජ ගත කරවන්න එපා
හොද – නරක ආණ්ඩු කියන්නේ ණය අඩු ගන්න එකෙන්ද ?
මේ අවුරුදු හැත්තෑ හතර කියන්නේ උන්ගේ නිර්මිත
මේ රටේ යුද්ධ ඇති කලේ උන් සාමකාමීව එකට එකතු වෙලා
උන් ගේන උන්ඩෙනුත් මාරුවෙන් මාරුවට කොමිස් ගත්තා
මේ අවුරුදු හැත්තෑ හතර අතරේ ආණ්ඩු කියලා ජාතියක් තිබ්බේ නෑ
හැමෝම කලේ උන්ගේ නාට්‍ය වල ඇත්ත ජීවිතය දිය කරපු එකයි
– කෝටියක් හෙළයෝ-


මේ රටේ රජයක් නෑ මහත්තයෝ පවුල් පැලැන්ති කල්ලි ටිකක් මේ රට සාමූහිකව අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මංකොල්ල කනවා- කෝටියක් හෙළයෝ-


යාළු මේ… ආගම් කේස් ඇදගෙන දගලන්න එපා මේ මරණයට කැපවෙලා තියෙන මිනිස් ජීවිත බේර ගන්න වැඩපිලිවෙලක් ගැන හිතමු
හොදට ඉදපු ජාතියක් පෝලිම් ගානේ හෙට අනිද්දට අපේ ජීවිත කියන්නේ පාලක පවුල් පැලැන්ති සැලසුම්
ඔය ඔක්කොම බේද අමතක කරලා බුදු මග යමින් අවිහිංසාවාදී පිලිවෙත් අනුගමනය කරමු.
පිස්සා පොල්ල ගත්ත වගේ සයිබර් අවකාශයේ දගලන්නේ නැතිව නිවී පාඩුවේ කතා කරලා අඩුපාඩු හදාගමු මේක සෙල්ලමක් නෙමෙයි සල්ලි කොල වලට ආත්මය පාවලා දෙන උන්ට මේක රස්සාවක් උනාට මේ වැඩේ පපුවෙන් කරන උන්ට මේක වෙනම වැඩක් සෙල්ලම් නෑ තිස් අවුරුදු යුද්ධ ඇතුළු බහුතර ව්‍යසනයන් කරපු සාතන්ලගේ පවුල් පැලැන්තියක් එක්ක හැප්පෙන එක
– කෝටියක් හෙළයෝ.-


මේක සෙල්ලමකට ගන්න එපා තමන්ගේ උපරිම ආරක්ෂාව සලසා ගන්න අපි මේ අරගලය කරන්නේ තිස් අවුරුදු යුද්ධ ගේම් එකක් කර ගත්තු තිරිසන් ආත්ම වල ජීවත් වෙන කෲර මිනිස්සු ටිකක් එක්ක.
ජේආර් ගෙන් පස්සේ පවුල් පැලැන්ති කල්ලියේ මහමොළකරු රනිල්
ඕකයි තිත්ත ඇත්ත.
– කෝටියක් හෙළයෝ-


සයිබර් අවකාශයේ දේශපාන අවකාශය තුල මේ මොහොතේ ආගමික ප්‍රස්නයක් නෑ.
ඔය හැම ආගමක් අදහන බහුතරයක් මිනිස්සු යක්ෂාවේශවයි ඉන්නේ
මේ වෙලාවේ ආගමික කල්ලි කරන්න ඕන කේවල් කරන එකක් නෙමෙයි .
ඔය පෝලිම් වල ඉන්න මිනිස්සු ලගට ගිහිල්ලා කියාපල්ලා දෙවියෝ දීපු දිව්‍ය ලෝකය අපායක් කලේ සොච්චම් පිරිසකගේ අපාගත සැලසුම් නිසා කියලා
ආගම තියෙන්නේ බෙදන්න නෙමෙයි සමගිය , සාමය අවිහිංසාව පතුර වන්න
බහුතරය කරන්නේ ඒ ආගමික දර්ශනය තව තවත් ලෝකයට අනුකූල කරනවා වෙනුවට පණිවිඩ කරුව අදහන්න ගන්න එකයි .
පණිවිඩය ලෝකයට ගලපා ගන්නවා වෙනුවට පණිඩ කරුව අදහන්න ගන්නවා.
එතනින්ම වැඩේ කම්මුතුයි එතනින් එහාට ඒ දර්ශනය යන්නේ ආගමක් විදියට ඒ ආගම බේස් කරලා සංකෘතියක් හදන් ඒක ඇතුලේ කොටු උනා බුදුන්ගේ , ජේසුගේ , අල්ලාහ්ගේ පණිවිඩය එතනින් එහාට පැතුරුනේ නෑ. ඔවුන් කලේ ඒ ශ්‍රාස්තෲන්ට පිටුපා ක්‍රියා කිරීමයි . ඔවුන් ගෙනා සාමයේ සහ අවිහිංසාවාදයේ පණිවිඩය පතුරන එක නවත්තලා ලෝභය , ද්වේෂය මෝහය වෛරය පතුරුවන මූලික ආයතන බවට පත් වෙලා.
තමන් අදහන ඕනෑම දහමකට අනුව ලෝකයට කරුණාව , මෛත්‍රිය පතුරවමු.
ඒක අපේ ජීවිතයට ගමු
ඊට වඩා මොන ඇදහීමක්ද
සම්මා සති සම්මා සමාධි කියන්නේ ඕකටයි
නියම අදහන්නා දෙවියන්ට හදවද විවරව තැබිය යුතුයි කියන්නෙත් ඕකමයි
උඹලා අපි ලොකුවට ඔව්වා ඇතුලේ වෙනස් උනාට ඔය හැම ඇදහිල්ලකටම බේස් වෙලා තියෙන්නේ ඕක
වරද පණිවිඩ කරුවාගේ හෝ ඔහුගෙ පණිවිඩයේ නොව
පනිවිඩ කරුවා අදහන්නට ගත් සංස්කෘතියේය.
ලෝකය මෙච්චර න්‍යෂ්ඨික අවි වලින් ගහ ගන්න යන්නේ බහුතරයක් දෙවියන් අදහන කලාප වල මිනිස්සු
ඔය බහුතරය දෙවියන් මේ ලොව මැවූ බව අදහන නමුත් දෙවියන් මැවූ ලොව දිව්‍ය ලෝකය වග නොසලකන්නේය. එයාලා බහුතරය තමයි වැඩියෙන්ම දෙවියන් අවිස්වාස කරන්නේ .
දෙවියන්ගේ මිනිහෙක් වෙමු මේ මොහොතේ පටන්, පටන් ගමු
සම්මා සති සම්මා සමාධි
– කෝටියක් හෙළයෝ-


මහත්තයෝ ඔබ ඉන්නේ වහල් කමක මේ සයිබර් යුගයේ ඕකට දේශපාලනය කියන්නේ නෑ
අපි මෙතන කතා කරන්නේ සයිබර් යුගයේ දේශපාලනයක්
ඔයාලා ස්මාර්ට් පෝන් අතේ තියාගෙන වහල්කම් කලාට ජීවිතේ ස්මාර්ට් වෙන්නේ නෑ
අපි කතා කරන්නේ පුරවැසි සහභාගීත්ව දේශපාලනයක් මේක වහල් වැඩක් නෙමෙයි මේ ලක් පොලවේ හුස්ම ගන්න සෑම මිනිහෙකුගේම ජීවියෙකුගේම ස්වභාවික පරිසරයේම පැවැත්ම ස්මාර්ට් කරන්න කරන වැඩක්
– කෝටියක් හෙළයෝ-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු