Sat. May 18th, 2024
0 0

Views: 63

Read Time:3 Minute, 46 Second

හූ කීම අපි හැමෝටම හුරු දේයක්. එහෙමත් නැතිනම් අපේ පුරුද්දක්. හුරු පුරුද්ද නැවත කරලියට ගෙන එන්න කාලය ඇවිත් නිසයි අපි නැවත හූ කීමට පටන් ගත්තේ. ඒ කටින් නොවෙයි. විද්යුත් තරංග ඔස්සේයි.

සාමාන්‍යයෙන් හූ කියන්නේ ප්‍රථිවාදින්ට අපහාස කිරීමටයි.අප දැන් කරන්නේ අපහාසයකට වඩා ප්‍රථිවාදියාගේ ඇත්ත තත්වය පෙන්වා දීමයි. එහෙමත් නැත්නම් ලාංකික පිරිමින්ගේ සරම කඩා දමා නග්න හෙලුව පෙන්වීමයි. එතනදි ධනවාදී, ලිබරල්වාදී, ජාතිකවාදී, සමාජවාදී ඒකි මෙකි නොකි මොන වාදියාගෙත් සරම අපට එක හා සමානය.

ලංකාව දැන් මුහුන දිලා තියෙන්නේ බරපතල තත්වයකටය. ගෝලීය බල දේශපාලනයේ ගාසා තීරය බවට රට පත්වෙමින් තිබේයි.මෙතෙක් පැවතියේ පිටියේ තත්වය පරික්ෂා කිරීම්, ක්‍රිඩකයන්ගේ රෙකෝඩ්ස් ගැන දෙඩවීමය. ඒ මූලික තත්ත්වය සහ පෙර හුරුවන් අවසානයි කියලා පෙන්වමින් ප්‍රධාන තරගකරුවන් දෙපල මේ දැන් තරගයට අවතීරනය වුනා. ඇමරීකාව වෙනුවෙන්, යුරෝපයෙ, ඉන්දියාවේ, ජපානයේ සහා ඔස්ට්‍රේලීයවේ සහාය ඇතිව මයික් පොම්පීයෝ ද. චීනය වෙනුවෙන් ඇමරිකන් විරෝධී කඳවුරේ හොරාට ලැබෙන සහාය ඇතිව කොමියුනිස්ට් පක්ෂයෙම්යේ සැලකිය යුතු නායකයෙකු වෙන යැංග් ජියෙෂී ඒ ඒ කන්ඩායම් නියෝජිතයන් හැටියට පිටියට කෙලින්ම  පිවිසියා.

දැන පිටිය බොහෝම පැහැදිලියි. තරඟකරුවන් ද තරගයේ තරම ද හොඳින් පැහැදිලියි. දැන් හොඳින් පැහැදිලි කර ගතයුත්තේ ග්‍රවුන්ඩ් බොයිස්ලා ගැන හා ප්‍රෙක්ෂකයන් ගැනයි. තරඟය පැවැත්වෙන පිළවල් දෙකටම වෙන වෙනම ග්‍රවුන්ඩ් බොයිස්ලා වෙන වෙනම ඇත. මේ එක් පිළක් රාජපක්ෂගේ නායකත්වයෙනුත් අනෙක් පිළ වික්‍රමසිංහගේ නායකතවයෙනුත් සමන් විත ය. වික්‍රමසිහහ පිළ කෙලින්ම නව ලිබරල්වාදී ප්‍රකාශනයේ  සාහාය ලැබෙන අතර, රාජපක්ෂ පිළට තක්කඩි ජාතික වාදීනගේ හා අවංක ජාතික වාදීනගේ සහාය ලැබෙමින් පවති. මෙම තක්කඩි ජාතික වාදින්ගේ පිළේ සම නායකතවය වීරවංශ හා ගම්මන්පිල විසින් දරන අතර අවංක ජාතික වාදීන්හේ නායකත්වය ද සිල්වා හා කුමාරණතුංග විසින් උසුළති. ප්‍රේක්ෂකයන් සුපුරුදු පරදි තම පිළට හුරේ දම්මින් ඉඳියි. අපි හූ කියනනට පටන් ගන්නේ මේ සියල්ලන්ටමය. මේකේ දී අපිට මොකාත් එකයි. කිසිම විශේෂත්වයකින් තොරව මේ සියලලන්ගේම සරම උනා දමා හූ කීම අපේ වැඩේය. එහිදි වැරදි විදිහට කාගෙ හරි සරම කැඩුණොත්, ඒ ගැන බැරෑරුමව සලාක බලන්නට ද  අපි සපථ කරමු.

හූ කතෲ පහත රට ශාඛාව

රටක් ඇත. කරුණු ඇත. සිද්ධි ඇත. සත්‍යය ඔබ දකින්නේ ඔබ කැමැති විදිහටද නැතිනම් හේතුව සහ ඵලයට අනුව ද. සමාජ දේශපාලනය පණ ගැන්වීම වස් අපගේ මාධ්‍ය කලාවට ඔබටත් දායක විය හැකි ය

About Post Author

Cxx

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Cxx

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු