Sat. Jul 6th, 2024
epa10436216 Czech Republic's presidential candidate, former NATO Military Committee chairman Petr Pavel delivers the speech during the runoff vote in Czech presidential election at his election headquartes in Prague, Czech Republic, 28 January 2023. Pavel defeated former Czech Prime Minister Andrej Babis in the second round and became the Czech Republic's third president directly elected by citizens. Pavel received 57.78 per cent of votes compared to 42.20 per cent for Babis, the statistics office in Prague reported from more than 96.99 per cent of polling stations. EPA-EFE/MARTIN DIVISEK
0 0

Views: 1

Read Time:8 Minute, 16 Second

චෙක්රට තුල සිවිල් දේසපාලන බලවේග පෙලගැසෙන අයුරු මාද්‍යයෙන් වාර්තා
කරනු දුටු මගේ මනසට නැගී ආවේ “ප්‍රාග් වසන්තය”යි. ඒ මගේ දේසපාලන
දිවිය ආරම්බවන 1968 වසරයි. එදා “ප්‍රාග් වසන්තය” අපට ආස්වදයක් ලබාදුනි. නමුත්
සෝවියට් බලපෑමට එරෙහව ඩුබ්ෂෙක්ලාගේ නායකත්වයෙන් නැගිටි ජනතා බලය රුසියන් යුදටැංකි දමා විනාශ
කරන අයුර ගැන අපි එදා කනගාටුවෙන් කියව්වෙමු. ගුවන්විදුලියෙන් අසාසිටියෙමු. නමුත් එරට සිවිල් ජනයා
1989 දී එම ඒකාදිපති ක්‍රමය පෙරලා දැමූ බව අප දන්නෙමු.
මෙම ජනවාරි අග චෙක් රටේ ජනාධිපතිවරණයේදී පීට්‍ර පාවෙල් විසින් දක්ෂිණාංශික
ජනප්‍රියවාදී අන්ද්‍රේ බාර්බිස් පරදවා ලද පැහැදිලි ජයග්‍රහණය චෙක් රටෙහි
දේසපාලනයට අලුත්ම පිටුවක් පෙරලනු ලබයි. දසක ගණනාවක අවුල්කාරී, අන්තවාදී,
දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී දේශපාලනයකට පසුව පාවෙල් ජයග්‍රහණය කරනු
ලබන්නේ එදා 1989 නොවෙම්බරයේ ජනතාව නැගිට ඉල්ලා සිටි තම ප්‍රජාතන්ත්‍රවාදී
අයිතීන් සඳහා කල දේශපාලන ඉල්ලීම් බලගන්වා ගැනීම දෙසටයි.
ජනප්‍රියවාදී, දක්ෂිණාංශික අන්තවාදී, දේශපාලනයක් පරදවා මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී
ජයග්‍රහණයකට ඉඩ ලැබෙන්නේ නැත්නම් මග පෑදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන්
සඳහා පෙනී සිටින සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඔවුන්ගේ විවිධත්වය,
ඔවුන් අතර ඇති වෙනස්කම්, පැත්තකට දමා එක මිටකට එකට එකතු වී මේ හේතුව
නිසාවෙනි.
පලමුවෙන්ම එම බලගැන්වීම ක්‍රියාත්මකවීම ඇරඹෙන්නේ 2021 හේමන්තයේ පාර්ලිමේන්තු
මැතිවරනයේදී කණ්ඩායම් පහක එකතුවකින් ජයග්‍රහණය කර ආණ්ඩුවක්
පිහිටුවීමෙනි. එහිම දිගුවක් ලෙස අද වන විට පීට්‍ර පාවෙල් සියයට 58ක ඡන්ද
බලයක් ලබමින් ජනාදිපතිවරනය යග්‍රහණය කරනු ලබයි. ඔහුගේ මෙම ජයග්‍රහනයට
හේතුවන්නේ දූෂිත ජනප්‍රියවාදී දේසපාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්
වෙත යුරෝපය සමඟ එකට වැඩ කිරීම ගැන පාවෙල්ගේ සහතික වීම වෙයි.
මෙම ජයග්‍රහණය සඳහා භූමිය සකස් වීමේ විශාල වැඩ කොටසක් සකස් කරනු
ලබන්නේ පූර්ණ ක්‍රියාදාමයකින් ක්‍රියාත්මක වන සිවිල් සමාජ ව්‍යාපාරයයි. විශේෂයෙන්ම
”ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මොහොතවල් මිලියනයක්” නමින් හැඳින්වුණ සිවිල් සමාජ බලවේගය
දිගින් දිගටම ලක්ෂ ගණනින් ජනයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහමග පෙළපාලිවලට
ගෙනාවා පමණක් නොව ඔවුන්ගේ ප්‍රධාන බලපෑමක් වූයේ “සියලුම ප්‍රජාතන්ත්‍රවාදී
දේශපාලන බලවේගයන් එක තැනකට” එක් වීම සඳහා කළ බලපෑමයි. “සියලුම
ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ජනප්‍රියවාදී දූශිත දේසපාලන බලවේගවලට එරෙහිව එකට
එක් වෙයව්” යන්න මෙම පෙළපාලිවල ප්‍රධාන සටන් පාඨය වූවා පමණක් නොව එය
කොතරම් සක්තිමත් සිවිල් හඬක් ලෙස මතුවූවාද යත් එයට දේශපාලන බලවේග
වලට ඇහුම්කන් දෙන්නට සිදුවිය. මෙම චෙක් රටෙහි සිදු වූ සවිල් සමාජ බලපෑම
එරට ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය සඳහා බලපෑවා පමණක් නොව එය දක්ෂිණාංශික
අන්තවාදය, ජනප්‍රියවාදය, අන්තවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් පවතින
සියළුම රටවලට එවායෙහි පවතින අන්තවාදයන් වෙනස් කිරීමට සිවිල් සමාජයකට
කල හැකි බලපෑම ගැන ආදර්ශයක් ද සපයයි.
නමුත් දසක ගනනක් තිස්සේ චෙක්රාජ්ය තම දූෂිත ක්‍රමය තුල හිරකරගෙන සිටි
අන්තවාදීන් විසින් රාජ්‍ය ආයතන, අධිකරණ පද්ධතිය, නිලදර ස්තරය වැනි ප්‍රධාන
ස්තාන සියල්ලකම පාහේ ඔවුන්ගේ හෙන්චයියන් යොදවා තිබෙන බව පැහැදිලිය.
එනිසා මෙම අන්තවාදීන් දේශපාලන තලයේදී පරාජය කෙරුවා වුවත් ප්‍රජාතන්ත්‍රවාදී
ජයග්‍රහණයක් සඳහා භූමිය තාමත් සකස් වී නොමැත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී
බලවේගයන් වලට තව දීර්ඝ ගමනක් තිබේ.

දසක ගනනක් දූෂිත අන්තවාදීන් අත පැවති රටක්, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් හතර
අතට බෙදී තිබූ රටක්, ඉන් මුදවා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනයන් වෙත ගෙනයාමට
සිවිල් සමාජයකට හැකිවූයේ කෙසේද යන්න විසීම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්
පෙනීසිටින ලෝකයට වැදගත් බව මගේ වැටහීමයි.
මෙම සීතල ජනවාරිය තමනට වසන්තයක් කරගනිමින් ජයග්‍රහණය දක්වා ගමන්
කරවීමට ප්‍රාග්නුවර පාරවල් දිගට පෙළපාලිවල ගිය සිවිල් සමාජ බලවේගයන් විසින්
ගායනා කරනු ලැබුවේ we shall over come යන ගීතයේ තනුව අනුකරනය කර චෙක්
භාෂාවෙන් ගැයෙන “අපේ ඉලක්කය අතලඟයි, මම දනිමි එය “. එදා 1989 එවකට
පැවති ඒකාධිපති රාජ්‍ය පෙරළා දැමීමට වීදි බට සිවිල් ජනයාද මෙම ගීතය ගායනා
කරනු ලැබීය. මෙදා 2019 “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මොහොතවල් මිලියනයක්” නමින් සිවිල්
සමාජ බලවේගයක් ලෙස ලක්ෂ ගනන් වීදි බට ජනයා දසක ගනනක් දූෂිත
අන්තවාදීන් අත පැවති රටක් ඉන් මුදවාගැනීමේ තීරනාත්මක කාර්‍යයකට අතගසමින්
තමන්ගේ සටන් පාඨය ලෙස සියළුම ප්‍රජාතන්ත්‍ර පක්ෂ වලට “එකට එක්යෙව්”
බලකිරීම ඇරඹීය. එහි ප්‍රතිපලය ලෙස 2021 හේමන්තයේ පාර්ලිමේන්තු
මැතිවරණයේදී  පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පහේ එකතුව ජයග්‍රහණය
කරවනු ලැබීය.

පේට්‍ර පවෙල්ගේ ජයග්‍රහනය චෙක් රටේ බොහෝ දෙනාට දේශපාලන වෙනසක් සඳහා
බලාපොරොත්තු ගෙන එනු ලබයි. ජනප්‍රියවාදීන්, අන්තවාදීන් දිගින් දිගටම ප්‍රචාරය
කරනු ලැබුවේ ඔහු බලයට පත් වූවොත් ඔහු සමඟ යුද්ධයක් ඇති විය හැකි බවයි. ඒ
ඔහු යුරෝපා සංගමයේ දේශපාලනය සමග අනුගත වීම තුළ යුක්‍රේනයේ යුද්ධය දී
රුසියාවට එරෙහිව යුද්ධයට පැටලෙණු ඇති බවයි. රටෙහි සියළුම පාහේ ජනමාද්‍ය
ආයතන තම අත පැවති අන්ද්‍රේ බාර්බිස් එරට සිටින පස්වන ධනහිමියායි. ඔවුන් කොතරම් දූෂිත
මාද්‍යය සටනක් පාවෙල්ට එරෙහිව ගෙන ගියා වුවත් මෙතෙක් පැවති සියලුම ජනාධිපතිවරණ
වල දීට වඩා මෙම ජනාධිපතිවරණයට 70% වැඩි ප්‍රමාණයක් ඡන්දය දීමට පැමිණි
අතර එයින් පෙනෙන්නේ චෙක් රටේ ජනතාවට මෙම ඡන්දය කොතරම් වැදගත් වූවාද
යන්නයි. ඇත්තෙන්ම රටෙහි සියලුම පාහේ ජනමාධ්‍ය ප්‍රචාරයන් පැරදවීමට සිවිල්
සමාජයේ හඬ එනම් “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මොහොතවල් මිලියනයක්” සමත්විය.
අවසානයෙහි රටෙහි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය දෙසට තම කැමැත්ත පළ කර තිබේ.
විවිදත්වය එකට එක්ව වැඩකිරීම ප්‍රජාතන්ත්‍රවාදී බාවිතාවට සහ නිහතමානී
දේසපාලනයකට අපව හුරු කරයි. සහයෝගීතාවය යනු ජනතාව අතර සෙනෙහස
දැක්වීමේ ක්‍රමවේදයයි.
රංජිත් හේනායකආරච්චි.
02.02.2023

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු