Sat. May 18th, 2024
0 0

Views: 124

Read Time:18 Minute, 46 Second

මා මේ රැදී සිටින්නේ උඩවලව සිට බෝගහපට්ටිය දක්වා දිවෙන අලි මංකඩේ එනම් දහයියාගල අලි කොරිඩෝව අයත් භූමියට මායින්ව හා එකම වනාන්තර ප්‍රදේශයක් ලෙස ගමන් කරන වන සංරක්ශන සීමාවට අයත් කිලිබුන්න වැව් තාවුල්ලට උඩින් ලුනු එලිය වැව ආසන්නයේ රක්ශිත භූමියකය.කෙටියෙන්ම පවසන්නේ නම් දන්නා පරිදි කෝන්ගග මඩ කන්ද සීමාවේ කොටවෙහෙරමන්කඩ රජයේ කැලැව විය යුතුය.

පසු බිමින් පෙනෙන නිල්වන් කදු ගැටය හා ඉන් ඔබ්බට ඇති සියලු කදු ගැටයන් නීල හරිතව එකට යාවී ගමන් කර එකම කදු පංතියකින් සුසැදිව එක්ව ගත් කල අපි එයට බෝගහපට්ටිය වන සංරක්ශිත සීමාව යැයි හන්දුන වන අතරම සමස්ත පද්දතිය එක්ව ගත් කල මෙය උඩවලව බෝගහපට්ටිය යා කරන දහයියාගල අලි මංකඩ හා හම්බෙගමුව බලහරුව උඩවලව හම්බන්තොට දක්වා දිවෙන විශාල වාරි ව්‍ය්ප්ත්ති වල ආරම්බය සනිටුහන් කරන ජල මූලාශ්‍ර පැන නගින ආරම්බ වන අති සංවේදී පරිසර කලාපයයි.

 

දැන් මා මේ රැදී සිටින්නා වූ සීමාව ගත් කල බලහරුව උන කන්ද,අබකොල ආර,නැව් ආර,අන්නාසිගල යන දැනටත් වගා කරන හා අලුතින් ඉඩම් අත්පත් කරගත් භුමියට සාක්ශි සපයන බලහරුව අවට තෙතමනය පසේ පාංශු ජල විභවය තවදුරටත් පවත්වාගෙ යන තවත් පාරිසරික වටිනාකම වැඩි දියුනු කරන ජල පෝශක ප්‍රදේශයකි.

කෙටියෙන්ම පවසන්නේ නම් පසු බිමින් පෙනෙන කදු ගැටය පාමුලින් හට ගන්න දිය සීරාව ක්‍රමයෙන් ආරක් බවට පත් වී පලමුවෙන්ම ඔබ අප කවුරුත් දන්නා හම්බෙගමුව වැව පුරවා හම්බෙගමුව අවට සමස්ත කෘශි ආර්තිකය නගා සිටුවන ප්‍රදානතම ජල මූලාශ්‍රයි.මව් ආර නොමැති නම් හම්බෙගමුව වැවක් ද නැත.ඉන් නොනැනවතී තව දුරටත් ගමන් ගන්න මව් ආර උඩවලව වන උයනට වැදැ ගල් අමුන එසේත් නොමැති නම් මව් ආර නම් විශාල ජලාශය එහෙමත් නොදන්නේ නම් චමල් රාජපක්ශ ජලාශය ද අවසාන වසයෙන් පුරවා කිරි ඉබ්බන් ආර,සූරිය වැව,සෙවනගල විතරක් නොවේ සමහර විට හම්බන්තොට බදගිරිය දෙසට වුවද මෙහි සස්ශ්‍රීකත්වය ගලා යාමට සලස්වා ඇත.

 

ඒ මව් ආරේ ආරම්බය හා අවසානය අතර ඇති සම්බන්දය වන අතර රටේ අතර මැදකින් පටන් ගෙන මුහුදට නොයා රට මැදදිම තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරක් නැර යුතුකමක් සේ ඉටු කරන මව් ආර ගං කොමලියගේ ආඩම්බරනීය කතාවයි.

ඇය මෙසේ ගලා යන්නේ නිකම්ම නෙවේ.තවත් සුලු හා තරමක් විසාල වැව් අමුනු පුරවමින් ලක්ශ සංක්‍ය්ත සතා සීපාවගේ කුශට අහර සපයන නිල්වන් වන ගොමු රැකගනිමින් අලියා,මීහරකා ලොකු කුඩා සියලු සතුන්ගේ ජල අව‍ය්යතාවය පුරවා යනෙන මග සිටින ගොවියන්ගේ වතුර මෝටරයන් පුරවා ඔවුන්ගේද අස්වැන්න සරි කරන කොටින්ම ජලය යන වචනය ට සැබෑම අරුතක් පුරවාලමින්ය.

කදු වලල්ලෙන් එපිට ඇත්තේ අලුතින් ඉදිවෙන පහල උමා ඔය කුඩා ඔය දිය බෙත්ම ජලාශය වන අතර මෙම නීල හරිත කදු පංතියේ පහස ඇය අනිවාර්යෙන්ම ලැබිය යුතුමය,එසේ නොමැති වුව හොත් එම විශාල ජලාශය පිරවීමට කුඩා ඔයත් අනෙක් ප්‍රදාන ඔයවලුත් ප්‍රමානවත් නොවනු ඇත.

ලොකු කතාවක් හෙමින් හෙමින් එකින් එක ගැට ගගහ මම කියන්න උත්සාහ ගන්න බව පැහැදිලි ඇති,ඉතිහාසයේ ජීවත් වූ කිසිදු මානවකයකු කිසිදු අවස්තාවක ජල මූලයන් හටගන්නා උප්පත්තිය ලබන සීමාවකට අත තැබීම හෝ ලන් වන්නටවත් බිය වීය,ඒ ඒතරම්ම මෙහි වටිනාකම දන්න හා අවබෝද කරගෙන සිටි නිසාය,අපේ සාම්ප්‍රදායික ගොවියා කිසි විටකත් ගංගාවක් දෙපස වත් අඩු තරමින් දෙපසට 100M වත් වගා නොකොට ගංගාදාරය පරිස්සම් කරගත්තේ වියලි කාලයට අවසාන දිය කඩිත්තත් සිදී ගියහොත් ඔහුටත් ඔහු සමග වෙසෙන හරක බානටත් කැලේ ජීවත් වන අලියා ප්‍රමුක සතා සීපාවටත් තම මූලිකම අවස්යතාවය වූ ජලය රැක ගන්න තිබූ උවමනාව හා කැපවීම නිසයි.

නමුත් අද මා මේ ඉන්නා භුමිය තව නොබෝ දිනකින් අත් පත් වනුයේ ඉවක් බවක් සීමාවක් නොදත් කිසිදු වටිනා කමක් නොදත් තමන්ගේම හුදු අවස්යතා වෙනුවෙන් පමනක්ම වැඩ කරන මිනිසුන්ට නතු වූ බූමියක වීම කෙතරම් සෝචනියද?ගෙවුනු මාසයක පමන කාලයක සිට එකවර වන වැස්ම ඉවත්කරමින් ට්‍රැක්ටර් හා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මේ කරන විනාශය කුමක්ද?මීට ඉහත මේ වනාන්තර ප්‍රදේශ තුල මොවුන් වගා කරාද?එහෙමනම් ඒ කොයි කාල පරාශය තුලද?එදත් මේ අයුරින්ම මහ වන විනාශයක් කරාද?එසේ කරානම් කවුද ඔවුන්ට අවසර දුන්නෙ?එහෙම කරානම් මේ දක්ව ඉඩම පවත්වාගෙන ආ බවට ඇති ලිකිත සාක්ශි මොනවද?යන්නවත් අඩු තරමින් සොයා බැලීමට අදාල නිලදාරීන් කටයුතු කල යුතුව තිබුනා නොවේද?

විතරක් නෙවේ කිසියම්ම හෝ සංගනනයක් කොහේ හෝ සටහන් වී තිබිය යුතු නේද?එසේ නොමැතිව කැලේ කපා වගා කරන්න කී පමනින් මෙසේ ඉවක් බවක් නොමැතිව කරන විනාශය කුමක්ද?

මා මේ බූමියේදී දුටු එකම දෙය නම් මේ හැම ගසක්ම අඩි 20 කට වඩා උස හොදින් අතු බෙදී වර්දනය වී ඇතුවා මෙන්ම පස හොදින් හියුමස් වලින් පිරි ගිය වන සතුන්ගේ රජ දහනක් වගේම මීහරක් ගාලවල් බහුලව පවත්වාගෙන සස්‍රීක වන පියසක් බවම පෙනී යන්නේය.මා මෙහි යන විටත් ඇති තරම් තරම තීරනය කල නොහැකි අලින්ගේ සජීවී පා සලකුතුත් විසාල දිවියන්ගේ [කොටියාගේ] පා සලකුනුත් හොදින් සටහන් වී තිබුනි.ඉන් ගම්‍ය්ය වන එකම කරුන නම් මේ ඔවුන්ටම අයිතිව ඇති ඔවුන්ගේම බූමිය යන්නයි.

අයිතිව ඇති බූමියකට එහි අයිතිය තහවුරු කරගැනීමටනම් ඔවුන් තවදුරටත් සටන් කිරීම හෝ පලවා හැරීම කල යුතුය,පලවා හරින්නන් නම් එම බූමිය අලුතින් අත්පත් කරගත් මිනිසාය.පලා යන්නන් හෝ මරනයට පත් වන්නන් වන්නේ අහින්සක සතා සීපාවා හා ගහ කොලය. මේ බූමිය එතරම්ම සශ්ශ්රීකව තිබුනත් මින් මතුවට එසේ නොවනු ඇති,මෙහි ඇති විසාලතම තර්ජනය නම් මෙහි වාසය කරන අලි ඇතුන් සහ කොටියන් ප්රමුක විශාල ක්ශීරපායින්ට මින් පසු අත් වන ඉරනමයි,හැමෝම කියනව නේද බෝගහපට්ටිය කරමැට්ට කන අලිය යන එන සීමාව මේක කියල,ඔව් ඒක තමයි,

විශේශයෙන්ම යාල,ලුනුගම්වෙහෙර,වෙහෙරගල,ගල්ගේ,වන්දම,දෙමලිය,හදපානාගල,බුදුරුවාගල,දියලුම,මීරියබැද්ද,කොස්ලන්ද,සමනලවැව රජවක සියලු වන බිම් වල අලි උඩවලව පසු කර යාම උඩවලවට ඒම රැදී සිටීමෙ ප්රදානතම කේන්ද්රීය මන් කඩ ලෙස මේ සීමාව[බෝගහපට්ටිය] හැදිවිය හැක.මෙහිදී අලි කිසියම් උත්තේජනයක් ලබන අතර පරිසර පද්දතිය තුල ඇති ජයිවීය සන්ගටක වල තුලනය මත ඔවුන්ගේ මනස නිදහස් කරන හා විවේකය ගෙන දෙන සරීරය තෘප්තිමත් හා සැහැල්ලු කරන බූමියක් හෙවත් දීර්ග සන්චරනයක යෙදෙන සතුන්ගේ සැබෑම නිවඩු නිකේතනය ලෙස හැදින් වුවද කම් නැත,මෙහිදී ඔවුන් හමුවන්නේ රට තුල විවිද ප්රදේශ පුරා පැතිරී විහිදී ඇති සම්පූර්න ජාන සන්කලනයියි,පරිසර විද්ද්යාව යන්තම් හෝ උගත් ඔබට ඉන් ඔබ්බට දෙයක් පැවසිය යුතු නැත.

ක්රමානූකූලව වේගයෙන් අවිදිමත්ව සිදුවන වන වැස්මේ හායනය හේතුකොට ගෙන මතුවට පැන නගින ගැටලුව මින් ඔබ්බට බොහොම බලගතු මෙන්ම බොහොම කටුක නීරස අද්දැක්කිමක්ද වනු ඇත,ඉහත මා නම් සදහන් කල සැම බූමියක්ම එලිපෙහෙලි වෙමින් යනවිට නැතිවන බූමියේ අයිතිය තහවුරු කරගැනීම අරබයා ඔවුන් ගෙන යන අරගලයේ ප්රදානතම ගැටලුව අලි මිනිස් ගැටුම හා වන ජීවී මිනිස් ගැටුමයි.හැමෝම හැමදාමත් ඒ කතාව කියන නිසා එහි බරපතල කම මා තව දුරටත් කියන්න යන්නේ නැත,

ගැටලුව ඇති වන විදිය ඉතාම සරලව පැහැදිලි වනු ඇත,ඉතින් අවුරුදු 20ක් පමන වගා නොකල හා තව දුරටත් ක්රමානුකූලව වනාන්තර බවට පත් වන බූමියක සිදුවන පාරිසරික සමතුලිතතාවය සලකා බැලිමෙදී ක්ද්ර පාංසු ජලය වාතය පස සියල්ලම ක්රමානුකුලව වෙනස්වෙමින් පරිසරය යාන්ත්රනය සමපාත කර වෙනමම ස්තානීය දේශගුනික කාලගුනික විපර්යාශයන්ට ලක්වෙමින් ඉතා ඉහල තුලිත බාවයකට ගෙන ඒමට වනාන්තර වෙනස ඉටු කරන්නෙ අති මහත් ක්රියාවකි.මේ බව මෙයට වගකිව යුතු සියලුම යාන්ත්රනයන් දන්නා වූ ක්රියාවකි,වාරිමාර්ගය තව දුරටත් ගස් කපා ජලාශ හදන්නෙ නම් ඔවුන් හානි වන වන වැස්ම කෙසේ ප්රති පූරනය කරයිද?ඔවුන්ගේ ජලශ පිරවීමට නම් වැස්ස තිබිය යුතුය,වැස්ස නැත්තම් ජලශ වියලේ,වියලෙන ජලාශයකින් පොසනය වන කෘශි කර්මාන්තය නගා සිටුවීමට කෘශි කර්ම දෙපර්තමෙන්තුව කුමක් කරන්නෙහිද?ඔවුන්ට ඕනාත් මේ බූමියමද?එතකොට හරක් දානේ කොහෙද?උන්ටත් මේකමද?එතකොට රටේ වනවැස්ම වැඩි කිරීමට උදව් වන වන සංරක්ශනය කරන්නෙ කුමක්ද?වනජීවිය ඔවුන්ගේ සතුන් වෙනුවෙන් වෙන් කරනන බුමිය කුමක්ද,ප්රලේ කාර්යාලයෙන් මිනිසුන්ට නිකුත් කරන ඉඩම් කොහිද?එ සියල්ල අස්සේ පාරම්පරික යැයි කියාගන්න ඔප්පු හිමියන්ට ඉඩම් දෙන්නේ කොහිද?ඔවුන් කිසිදා සම්මුතියක් එකගතාවයක් හෝ තිරසර බවක් නොපෙනෙන නොදකින මාවතක ලියුම් වලින් ගැටුම විසදන මාවතක එකතු නොවි ගමන් කරන්නෙ මන්ද?

ඇයි අපිට මේ තරම් ඉඩම් ඕන ඇයි අපි තවමත් කෘශිකර්මයෙ පහත් තැනක ඉන්නෙ,ඇයි අපි තාමත් අපෙ බූමිය නියමිත පටිපටියකට බෙදාගෙන නැත්තෙ,ගැටුමකින් කෙලවරවීමට තරම් නූගත් රටක්ද මේක?ඇයි අපි අපිටවත් කන්න බැරි අපිට කන්න නොලැබෙන කෘශි ආර්තිකයකට ගිහින් ජාවරම් කරුවන් කිප දෙනෙක් විතරක් පොශනය කරන්නේ අදටත් අපේ රටේ හාල අපිට මදි,එවන් පසු බිමක මේ කරන විගඩම් නාටකය කාලය මුදල් හා ශ්රමය හොදින් හැසිරවිය හැකි විවසායකයාට නම් මෙවා ගැටලු නොවන හොද ආයෝජනය,කෘශි විද්යා පිට අපමන ඇති රටේ තාමත් ග්රීන් හවුස් සංකල්පය 0 වීම කෙතරම් සෝචනීයද?ඕනා තරම් හිරු එලිය ඇති රටේ වනාන්තර නොවන බූමිය ඔනා තරම් තියෙන රටෙ ග්රීන් හවුස් තාක්ශනය 0 වීම කෙතරම් සෝචනීයද?එසේ වූවා නම් ජල ගැටලුවක් නැත.අක්කර ගනම් වග කල හැක.අපි කෙතරම් උගතුන් මහාච්රයන් බිහි කරත් උන් කරන්නෙද බුමිය කලමනාකරනය කරනව වෙනුවට තමන්ගේ පර්යේශන පත්රිකාවට අදාල බුමියක් වෙන් කරගැනීමට උන්ද තවත් කැලයකටම යාමය.

මේ භූමිය මේ රට අප සියලු දෙනාගේමය,වගා කිරිමට තියා ජීවත් වීමටවත් බ්ම් අගලක් නැති සින්හලයන් දෙමලුන් හා මුස්ලිම් මිනිසුන් මේ ශ්‍රී ල්ංකාවේ කොපමන සිටීද?එලෙසම සමස්ත භුමි ප්‍රමානයෙන් වැඩි කොටසක් අත් පත් කරගත් විනාශයන්ම කරන කොයිතරම් නම් පිරිසක් ඔය ජාති 3 අතරම ඉන්නවද?ඔවුන් සියුලු දෙනා එකතු වී මේ වනසන්නෙ අපි සියලු දෙනාටම අයිති භූමිය නෙවේද?ලංකාවෙ කොතන කොහොම විනාසයක් වුවත් එය බලපාන්නේ මේ බූමිය පරිබොජනය කරන අපේම රටේ උන්ට හා උන් යටතේ ආරක්ශාව ජිවත් විය යුතු සතා සීපාව ගහකොල නෙවේද?මේ සියල්ල එක වරක හොදින් තේරී අන්දවා පසුව නොතේරුනා සේ කටයුතු කරන්නෙ මන්ද? අවසානයේ අප යන්නෙ කොතනටද?තවත් බොහො කලයක් ගියපසු සුසුම් හෙලා පාර දිගේ පොලිමට පැල හිටවා වැඩක් වේද? තවමත් ප්‍රමාද නැත.අඩු තරමින් කැපු බූමිය නිදහසේ අවුරුදු 3ක් තියන්න,එයා යස අගෙට ක්‍රමානුකූලව පෙර තිබු තත්වයට නැතත් උචිත තත්වයටවත් පත් වේවි.මේ බුමිය අප සියලු දෙනාගේය.තනි බුදලයක් නොවේ.පාංශ්ය් ජ්ජිවියාගේ සිට මිනිසා අලියා ඇතුලු සියල්ල එකට සමසේ පරිබොජනය කල යුතුය,බුක්ති විදිය යුතුය,ඔවුන්ගේ දරුවන්ටත් අයිතිය තහවුරු කල යුතුය.

මා සියල්ල පවසන්නේ අද්දැකීමෙන් හා වගකීමෙනි.මා මේ බූමියෙන් නික්ම යන්නේ හිතින් දැඩිව යමක් තේරුන් ගෙනය,මා කෑගැසුවේ මා අඩගැසුවේ මා කීවෙ මා සවන් දෙන්න යැයි පැවසුවේ මේ දහයියාගල වන බූමියේ මතු පැවැත්මටය,මතු ආරක්ශාව වෙනුවෙනි,නිහඩ සතා සීපාව වෙනුවෙනි,අහින්සක ගොවියාගේ ජීවන අරගලය වෙනුවෙනි,පිරිසිදු වාතය වෙනුවෙනි,පිරිසිදු ජලය වෙනුවෙනි,සමස්ත පරිසරය වෙනුවෙනි,නමුත් මාස 2ක් තුල සිදුවු මේ ක්රියාවලිය ඔවුන් කර ඇත්තෙ අවුරුදු ගානකට පෙර සිටය.එනිසා මේ වන විට ඔවුන් දිනා අවසානය,ඔවුන් හොදින් හෝ නරකින් මේ බුමිය ඔවුන්ගෙ කරගෙන අවසනය,සියල්ල ඉතා සැලසුම් ශගතව සිදුවී අවසානය.මා දන්න තරමින් මේ හායනය නතර කිරිමට සමත් බලවතෙක් නොමැත.තවදුරට මට අනාරක්ශිත බූමියක මා ඉදීමෙන් හා සටන් කිරීමෙන් පලක් නැත.එනිසා මා නිම යන්නෙමි,නමුත් කිසිදා මේ බූමියෙ මේ සා විසල ගස් වැල් ජල උල්පත් විසල හස්තීන් ගෙ පා සලකුනු කොටියාගේ ගෙරවිලි මින් මතුව්ට නොපෙනෙනු ඇත,නොඇසෙනු ඇත,ඇස නොගැටෙනු ඇත,සමස්තය තුල ඇති ව්න වේදනව හා කලකිරිමට එහා ඔබ්බට ගිය යමක් මටත් නැත.

මන්ද මා ඉට එහා සතුටු වන්නේ කල හැකි ඕනැම දෙයකට කොන්දේශි විරහිතව සියලු දෙනා ස්මග මා එක්වුව.[කොටින්ම ගැටලුව කතා කල හැකි තේරුම් ගත හැකි සියලුම දෙනා සමග]එහිදී දේශපාලනය නොවීය,මාද්ය නොවීය,උගතුන් බුද්දිමතුන් සෙව්වේ නැත.මට කතාව කිව හැකි කතාව අසන සියලුම දෙනාට පැවසුවෙමි.ඔවුන් හොදින් ඇහුන්කම් දුන්නෙමු,සන්වේදී වුනෙමු,අවස්තාවට උචිත ලෙස කටයුතු කලෙමු,කොටින්ම හැමෝම මේ කතාව ලෝකයට කියන්නට මහන්සි උනෙමු,තව දුරටත් වන්නෙමු,කෙසේ හෝ විනාශය නවත්වනවායැයි කියන ස්තාවරේම ඉන්නෙමු,මා ඔවුන්ට ගරු කරමි,තව දුරටත් සහය දෙමි,නමුත් සියල්ල කාලයකට පෙර සකසා ගත් ක්‍රියාපටිපාටියකටම සිදුවී ඇති බවත් තේරුම් ගත යුතුය.දන්න දේ කිව,කල හැකි සියලු දෙට උදව් කරා.නමුත් උන් දිනාගත් බුමිය උන් අපිට නොදෙන විශ්වසය තදින්ම දැනෙන සාදක මා ඇස් පනාපිටම දුටුවෙමි,නැවත මෙවන් ව්න විනස බුමියකට මගේ ඇස් යොමු නොවෙවා.

මා සමු ගන්නෙමි.මා හැමදාමත් සතුන්ගේ පැත්තෙන් කීවේ අයිතිවාසිකමක් පෙන්වීමට බලයක් තිබිය යුතුය,බලයක් නැති තැන අයිතිවාසිකමක් කිව නොහැක.මාද බලයෙන් හීන උනු මිනිසෙකු සේ දැනේ,හර්ද ශාක්ශිය ලග මා පැරදී නැත,මා අසරනද නැත,මා ජීවත් වුව හොත් තවත් අවුරුදු 10ක් සියල්ල මා පරදා වේගයෙන් පරදින බව නම් ඉදුරාම පැවසිය හැකිය.එතෙක් මා නිහඩවම බලා සිටින්නෙමි.

U.S.Weerathunga.

 

 

 

 

 

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “අහිමි වූ භූමියේ සිට වේදනාවෙන් ලියමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු