Sat. Jul 6th, 2024
2 1

Views: 232

Read Time:4 Minute, 2 Second
දරුවන් ගේ මානසික සංවර්ධනය පෙන්වන කැඩපත ළමා කුරුටු ගෑමයි.ඔව්හු අවුරුදු 1 1/2දී කුරුටු ගෑම අරඹති .ප්රථමයෙන් ගැහැනු දරුවන් කුරුටු ගාන අතර පිරිමි දරුවන් මාස 6 ප්රමාද වෙති .කුරුටු ගෑම ,ඇවිදීම ,කතා කිරීම ආදී සියලු ක්රියා වලදී පිරිමි දරුවන් ප්රමාදවෙති.
මෙම විද්යාත්මක කරුන නොදන්නා මව්වරු අවිද්යාව පසුපස යති .ග්රහ දෝෂ යයි` සිතා බාර වෙති ,සුර ගැටගසති.මාස හය පහුවන විට මෙම ක්රියා ඇරඹේ .එවිට බාර ඔප්පු කරති .නමුත් මෙය ස්වාභාවික ක්රියාවලියකි.
කුරුටු ගෑමේ දී දරුවෝ අවදි තුනක් පසු කරති.
1 අවිදිමත් කුරුටු ගෑම ..අවු.1 1/2–21/2
2 විදිමත් කුරුටු ගෑම ..අවු. 2 1/2–3 1/2
3 සංකීර්ණ කුරුටු ගෑම ..අවු.3 1/2– 4 1/2
අවුරුදු 2 මාස 6 පසුව විදිමත් කුරුටු ගෑමේ අවදියේ දී දරුවන් බෙහෙවින් දගකාර වැඩ කරති.වැලිඇනීම,වතුර විසිකිරීම, ඇණ ගැසීම , කතුරෙන් කැපීම …නොනවත්වා කරති .මේ කාලයේ පසුපසින් ම සිටිය යුතුය .මේ ක්රියා ස්වභාවයෙන් දෙන දායාදයන් ය.නමුත් මව්වරුන් මේ එකක් වත් කරන්න දෙන්නේ නැත .එපා..එපා කියමින් සියලු දේ උදුරා ගනිති .
මේ ස්වාභාවධර්මයෙන් ළමා මානසික සංවර්ධනය ට දී ඇති දායාදය හදුන්වන්නෙ “ඉන්ද්රිය සමායෝජනය ” කියාය .එනම් ඇස ,අත ,මනස ..යන ඉන්ද්රියන් තුනම භාවිතා කරමින් දරුවන් තනියම ක්රියා කිරීම ඇරඹීමයි.
කුරුටු ගෑම එහි සුවිශේෂී අවස්ථාවයි .මෙසේ කුරුටු ගාමින් අවුරුදු 3 1/2 පසු වන විට මිනිස් රූප ඇදීම අරඹති .අවුරුදු 4 -5 අතර එය අනිවාර්යයෙන් කරති.එසේ නොකරන්නේ නම් මානසික සංවර්ධනය ප්රමාදයක් විය හැක .වැඩිහිටියන් ගේ තරවටු නිසා එසේ විය හැක.
එම නිසා කුඩා සිත් මල් මෙන් රැකිය යුතුය ..
මිනිස් රූප ඇදීමේ දී අවදි තුනක් පසු කරති .පලමු මිනිස් රූප අදින්නේ හිස පහලට හා කකුල් උඩට සිටින සේය.
මෙය අනිවාර්ය නොවේ.එසේ නොවන දරුවන් සිටිති.ඉන් පසු මනසින් දෙන සංඥා අනුව රූපය නිවැරැදි අතට හැරීමට උත්සාහ ගනු පෙනේ.මේ කාලයේ මිනිස් රූප ඒ මේ අතට අදිති …මෙසේ මාසකීපයකට පසු අවුරුදු හතර පසුවන විට මිනිස් රූප නිවැරැදි අතට අදිති .
ඉන් පසු දිගටම අම්මා ,තාත්තා …විවිධ රූප අදිති..පරිසරයේ දකින හැම දේම අදිති.මේ අවදිය අධි මානසික සංවර්ධන අවදියකි .මේ සදහා මානසික ශක්තීන් තුනක් අවශ්ය වේ.
1 නිරීක්ෂණ ශක්තිය
2 සංරක්ෂණ ශක්තිය
3 ප්රකාශන ශක්තිය
චිත්රයක් ඇදීමට මෙම ශක්තීන් තුනම අවශ්ය වේ.මේ තුනේ එකතුව ස්මෘතියයි.ස්මෘතිය යනු බුද්ධියේ පදනම යි.ළමා චිත්ර ඇදීමේ ක්රියාවලිය යනු ළමුන්ගේ බුද්ධිසංවර්ධන ක්රියා දාමයකි.
තරග මානසිකත්වයෙන් චිත්ර තරග වලට යවා දිනවීම නොව ළමා චිත්ර යනු ළමා සංවර්ධන ක්රියාවලියක් බව තේරුම් ගත යුතුය .
එමෙන්ම ළමයින් ලවා බලෙන් චිත්ර ඇන්දවීමද නොකල යුතුය …
චාර්ලස් දයානන්ද
Happy
Happy
33 %
Sad
Sad
0 %
Excited
Excited
33 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
33 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු