Sat. May 18th, 2024
0 0

Views: 37

Read Time:6 Minute, 15 Second
මගේ නම මහවැව, මම උපන්නේ වයඹ පලාතේ සත් කෝරළේ, මගුළාගම පලාතේ ඇඹලේගොඩ කියන ගමේ. මට ඉන්නවා කහ වැව කියලා මල්ලි කෙනෙකුයි හිදව වැව කියලා නංගී කෙනෙකුයි. ඒ දෙන්නා මට හරිම කීකරුයි. මට උප්පැන්න සහතිකයක් නෑ. ඒ හිංදා මම දන්නේ නෑ මගෙ වයස. පස්සෙ හරි හොයාගන්න පුළුවන් වුනොත් කියන්නම්. මම හරි ආසයි කතන්දර කියන්න. මට කියන්න ලස්සන කතාන්දර ගොඩක් තියෙනවා. ඒවා අහන්න ඕනෑ ගමේ ඉන්න පොඩි එවුන්. මම විශේෂයෙන් මේ කතා කියන්නේ එයාලට. කොහොම හරි එයාලට ඒවා අහන්න ක්රමයක් හදලා දෙන්න ඕනෑ.
කතන්දර වලට කලින් මම ගැන ටිකක් හඳුන්වා දෙන්නම්. අපි හොඳ පරපුරකින් පැවත එන්නේ. මං ගැන ගොඩක් කියන්න තියෙන හින්දා මම ටික ටික කියන්නම් ඒ විස්තරේ කොටස් වශයෙන්. ඒ කොටස් තමයි මේ.
1. මම වතුර ගබඩා කරන හැටි.
2. මගේ ශරීර විස්තරය සමග මනුස්සයෝ නිර්මාණය කරපු ජෛව විවිධත්වය.
( Human made biodiversity)
3. මම කරන වැඩ හෙවත් මගේ කාර්ය භාරය.
4. අපේ පරම්පරාව, එල්ලංගාව හෙවත් (irrigation cascading system) සහ කුඩා වාරි තාක්ෂණය.
මේකෙන් පස්සේ කතාන්දර කියමු. ඒ නිසා මුලින්ම මගේ ගැන අහමු. මොකද ඉස්කෝලේ නිවාඩු නිසා ඔයාලටයි, ඔයාලගේ දරුවන්ට මේවා කියලා දෙන්න.
වතුර ගබඩා කරන හැටි.
ලෝකෙ වෙන කොහේවත් නැති විදිහට, වැහි වතුර ගබඩා කරගෙන පාවිච්චියට අරගෙන දෙන එක තමයි අපිට පැවරිලා තියෙන ලොකුම රාජකාරිය. ඒ උනාට අපිට කියන්නේ කුඩා වැව් පරම්පරාව අය කියලා. ඒ ගැන වැඩි විස්තර අන්තිමට.
ඉස්සරලම කියන්නම් කො කොහොමද වතුර ගබඩා කරන්නේ කියලා කෙටියෙන්. මම පටන් ගන්නම් නිකිණි හෙවත් අගෝස්තුවෙන්. පෑවිල්ලෙ සැරට ඉස්සර මගේ පතුළ කට්ටටම වේලෙනවා. ඉරි තලනවා. ඒ කාලේට වැවේ ලිං කපලා තමයි වතුර ගත්තේ. ගොවිතැන් වලට වතුර ගන්න පතස් කපනවා. කළගෙඩි වලින් තමයි අක්කර ගනන් වල වගාකරන එළවළු වලට වතුර අදින්නෙ. පෑවිල්ල සැරම කාලෙට වැවේ පොදු ලිඳක් කපලා එකෙන් නාපු කාලයක් තිබුණා.
සැප්තැම්බර් අග වහින සංවහන අසනි වැස්සට අර වේලිච්ච මඩ තට්ටු තෙමාගෙන වතුර ටිකක් පිරෙනවා. ඒ වතුර හරිම ලස්සනයි. බේරෙන්න බැරි ගමේ පොඩි ඔවුන්ගෙන්. දිනක් වත් නැති වතුරට පැනලා උන් නානවා. ඒ වැස්ස වහින්නේ මහ කන්නයේ කැකුලමට වී ඉහින්න. හැබැයි සංවහන වැස්ස ඉවර වෙලා සති දෙක තුනක් යනකොට අර එකතු වුන වතුර ටිකේ හෙමින් හෙමින් ජලජ පැලෑටි සහ ගෙම්බෝ මාළු බිත්තර සහ මිරිදිය ජීවය පටන් ගන්නවා.
ඊලඟ මාස තුනේ තමයි වැව් හොඳටම පිරෙන්නේ. ඒ වැසි වලට කියන්නෙ මාස් වැහි කියලා. මේ තමයි මාස් කන්න. ඉල් මහේදි වාන් දානවා. වාන් දානවා කියන්නේ වැව් පිරිලා වැඩි වතුර අහකට ගලාගෙන යනවා වැවේ ඒක කොනකින්. ඒ දවස්වල ඉල්මහේ නොකඩවා වහින වැස්සට කීවේ ගල්ලිංවල මාළු ගොඩ එන්න වහිනවා කියලා. වතුර උපරිමය ගබඩා කරන්නේ මේ කාලේ තමයි. මම හරිම ලස්සනයි මේ කාලෙට. හරියට අර පාරමී පිරිච්ච බෝධි සත්වයෝ වගේ.
අහස් වැස්ස වැටෙන හැටියට වගේම, ගොයියෝ කුඹුරු කරන විදිහ අනුව වැවේ වතුර ටික ටික ගන්නවා කුඹුරු වලට (දුරුතු නවම්) මාස වෙන කොට ටික ටික හිදෙන්න ගන්නවා. ගොයම් කපන කාලෙට මා ගාව ඒක යුද්දෙ. ඒවා පස්සේ කියන්නම් කො.
ඊළඟට යල් කන්න. අප්රේල් (බක්) මහට වැටෙන සංවහන යල් වැහි එචිචර තදට නෑනෙ. ඉතිං, වැවේ වතුර හොඳටම අඩු වෙනවා එතකොට කුඹුරු වලට වතුර හරවන නිසා වෙසක් පොසොන් වලට තවත් වතුර අඩුයි, වැව් පිටිය හොදටම පිට්ටනියක් වෙනවා. මෝසම් වැහි වල බලපෑම අපේ පැත්තට අඩුයි නේ. ඒ හිංදා වෙසක් හුලං වල තදේට තියෙන වතුර තවත් වාෂ්ප වෙනවා.
ජුනි ජුලි (පොසොන් ඇසළ) වෙනකොට තමයි කට්ටටම වේලෙන්නේ. ඊට පස්සේ හූල්ල හූල්ල බලාන ඉන්නවා මාස් වැසි වැටෙන කල් ආයෙත් නැවුම් වතුර පුරවන්න. ඒ කාලෙට තමයි ඉතින් කට්ටිය ඇවිත්, මගේ සුරතල් සත්තු ටිකයි, මං අවුරුද්ද පුරාම එකතු කරපු ජලජ සම්පත් ටික උදුරාගෙන යන්නේ. ඒ උනාට මම තරහ නෑ එයාල එක්ක මම උපරිමයෙන් එයාලට දෙනවා මම රැස් කරන සබ්බ සකලමනාවම.
හැබැයි මේ ඉස්සර විදිහ. දැං මේක වෙනස් මීට වඩා වෙනස් හේතුව ඔයාල දන්නවානෙ. දේශගුණික විපර්යාස. අර ස්වීඩන් ජාතික ග්රේටා තුන්බර්ග් නෑ ගහල ඉල්ලන්නේ ලෝකයේ මහ බලවතුන් ගෙන් අමනයිනේ දැන්වත් නවත්තලා ඔය වැඩේ කියන්නේ, පරිසර පද්ධතිය විනාශ කිරීමේ ප්රතිඵලයක් හැටියට වෙලා තියෙන විනාශය නිසයි මට අර ඉස්සර වාගෙම වතුර ගබඩා කරන්න බැරි වෙලා තියෙන්නේ. තව තව හේතු තියෙනවා. ඒවා පස්සේ කියන්නම්.
මීළඟට: මගේ ශරීර විස්තරය සහ මනුස්සයෝ නිර්මාණය කරපු ජෛව විවිධත්වය. ( Human made biodiversity)
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “කතාකරන මහවැව 1 – සුමනා විජේරත්න

  1. […] Feb 10, 2021 නිර්මිත ජෛව විවිධත්වය. ( Human made biodiversity), සුමනා විජේරත්න මගේ හැඩරුව සහ නිර්මිත ජෛව විවිධත්වය. ( Human made biodiversity) දන්නවද අපේ රටේ ජෛව විවිධත්වය ගැන. ඒකෙ කොටස් දෙකක් තියෙනවා, එකක් ස්වාභාවික ජෛව විවිධත්වය, අනෙක මිනිසුන් විසින් නිර්මාණය කරපු ජෛව විවිධත්වය. වැව් කියලා කියන්නේ මානවයා නිර්මාණය කරපු පරිසර පද්ධතිය ක්. ඒකෙ අපි අමුතුම පරිසර පද්ධතියක් නිර්මාණය කරල තියනවා ඉහේ ඉදල පහලට එනකල්ම. අපි එකෙන් එක විස්තර කරලා බලමු. වැව් ඉස්මත්ත මගේ ඉහත්ත පැත්තට කියන්නේ වැව් ඉස්මත්ත කියලා. ඒ පැත්තෙන් තමයි අර හිදව වැව කියන නංගිට උහුලගෙන ඉන්න බැරි වතුර ඔක්කොම මට හරවලා එවන්නේ. ඒ පැත්තෙ ඉස්සර තිබුනා පොඩි කැලෑ රැප්පාවක්. ඒකෙ නොයෙක් ජාති ගස් තිබුණා. මා දං, කෝං, කරඳ, බලු දං, කුඹුක්, මී, කදුරු, බක්ම්, කහට, බුලු, වගේ ලොකු ගස් වගේම එරමිණියා, හිඹුටු, වේ, දෙඹට, ඉඳි, කැප්පිටියා, කොබ්බෑ, කොරකහ, කෑලියා, වේ වැල් වගේ පොඩි පඳුරු ගසුත් තිබුණා. ඒ වගේම ඒ හරියෙ තෙතමනය රඳන කෑලි වල වල් බෙලි ගාල් තිබුණා. ඔය ඉහත්තට උඩින් තිබුණ කුඹුරු කෑලි වලට යනකල් වතුර අල්ලනවා. වැවේ වතුර බැහැලා ගියාම තමයි එඉවා වපුරන්නේ. ඔය කුඹුරු අයිනේ කජු ගස් තිබුණා හරියට. ළමයි කජු අහුලන්ඩ ආපුවම වතුරෙ ජබි ගහලා නටනවා. වැව් ඉස්මත්තේ හඳ පායන එක විතර ලස්සන වෙන තැනක් ලෝකේ කොහේවත් නෑ. වැවි පිටිය: ඊළගට තියෙන්නේ වැව් පිටිය. ඒ කීවෙ වැවේ උඩහ කෑල්ලටම වතුර ඇල්ලුවට ඉක්මනින්ම වතුර අඩු වෙනවා පෙබරවාරි මාසේ වෙනකොට.ඒ කෑල්ලේ වැව් පිටිය වෙනවා. ඒ හරියේ කට්ටි වලවල් තියෙනවා. වැව් පිටියේ පුරාවට තියෙන්නෙ ඕලු, මානෙල්, කුමුදුනී සහ කෙකටිය මල්. ඉස්කෝලේ ඇරිලා එන කොල්ලො කෙල්ලො වැව් දිග එන්නේ පයිතගරස් ගෙ ප්‍රමේයට ඇවිත් දුර අඩු කර ගන්න. හැබැයි උන් කරන්නේ මානෙල් ගෙඩි කඩාගෙන බඩ පිරෙන කල් කනවා. ඒ කාලේ නෙළුම් මල් තිබුනේ නෑ. ඒ උනාට ඕලු මානෙල් ගෙඩි ඇතිතරම් තියෙනවා. කෙකටිය අල ගලවන්න ගමේ ගෑනු ළමයි එනවා. අතේ නියපොතු කැඩෙන කල් ඇඟිලි වලින් තමයි කෙකටිය අල හාරන්නේ. වතුර තියෙද්දී නෙ ඒ අල ගලවන්න පුළුවන්. ඒ හරියෙ ඉන්නවා කිත්ති පැටව්. වතුර අඩු වෙන්න අඩු වෙන්න වැවිපිටියෙ තණකොළ ලියලනවා. එතකොට තමයි වෑන් පිටියට හරක් දාන්නේ. ඊළග කොටස තමයි වැවේ හොඳම කෑල්ල. වතුර පිරෙන කොටස්. ජලජ ශාක සේරම තියෙනවා, ඒ වගේම මාළු ජාති කොච්චර හිටියද ඉස්සර. මතක් වෙනකොට ක් හරිම දුකයි. ඔන්න ලූල්ලු, ආඳා, හිරිකනයා, කොස්සා, ගුරාමියා, කාවයියා, පෙතියා, කොරලි, තිත්ති පැටව්, ගෙම්බො, ඉබ්බො, දිය නයි, කූනිස්සො, නැති එකෙක් නෑ. කුමුදු මල් ඉපල වැඩිපුර තියෙන්නෙ මේ කෑල්ලෙ. ඕලු දඬු හරිම දිගයි. නාන මංකඩ සහ පීනන කෑලි තියෙන්නේ මේ හරියෙ තමයි. ඊළගට වෑ කන්ද. වෑ කන්ද කියන්නෙ මිනිස්සු හදපු කන්දක්. බ්‍රෝහියර් ගෙ පොතේ තියනවා,ඕලන්ද ජාතිකයෙක් පදවිය වගේ වැව් කණ්ඩි ගැන ලියලා තිබුණාලු, මේ රටේ පුදුමාකාර පස්වලින් හදපු ප්‍රාකාර (walls) වගයක් තියෙනවා ඒවා මොනවද දන්නේ නෑ කියලා. මිනිහා බය වෙලා. තේරෙනවා නේද අපේ පරම්පරාවේ බලගතු කම. ඉතින් ඒ පම්පෝරි පස්සේ. කණ්ඩිය ගැන කියමු. කණ්ඩිය උඩත් විවිධ ගස් තියෙනවා. වැඩිපුර කොහොම, කුඹුක් වගේ ගස් තියනනා. වරා බෝවිටියා වගේ භපඳුරු, බෙහෙත් එඬරු, ඇත්තෝර, පිල ආදී විවිධාකාර පැලෑටි වර්ග පැළවැවෙනවා. නාන මංකඩ ගාව කුඹුක් ගහට ගිය අඟුන වැලක් තිබුණා. ඒකෙ කොල පුදුමාකාර රසයි. මට තියෙන්නේ එක හොරොව්වක් විතරයි. හොරොව්ව තියෙන්නේ වැවේ පහත්ම තැන. එතනින් තමයි වැවේ වතුර කුඹුරු වලට බෙදා හරින්නේ. ඊළඟ ඒක වාන. වානෙන් තමයි මම ගබඩා කරලා ඉවර උනාම වැඩි වතුර ඉවතට ගලාගෙන යන්නේ. හොරොව්වෙන් පටන් අරං ඇළ මාර්ග පද්ධතියක් යනවා කුඹුරු වලට වතුර බෙදා හරින්න. ඒ වගේමයි වානෙන් ගලන වැඩි වතුර ත් ගලාගෙන ඇවිත් ඒකටම එකතු වෙනවා. ඒ ඇළ මාර්ගය පහලට ගලාගෙන යනවා තවත් ජීව පරිසරයක් හදා ගෙන. ඇළවේලි ගැන පස්සෙ කතා කරමු නේද? මගේ පහළම කොටස තමයි වැව් පාවුල කියන්නේ. ඒ කීවෙ වෑ කන්දට පහලින් තියෙන කෑල්ල. ඒ කොටසේ තියෙන්නේ අමුතු පරිසරයක්. තෙතතමනයට හරියන සුන්දර පරිසරයක් එතන තියෙනවා. උසට හැදුනු කුඹුක් කරඳ වගේ රුක් ගොමුවකින් වැහුණු ඒ බිමේ සීතලට හැදෙන පදුරු ජාති ගොඩක් තියනවා. විශේෂයෙන් හබරල ගාල්, පින්න ගාල් වාගේ ඒවාට අමතරව පන් වර්ග විශේෂයෙන් ම වැවෙනවා. මේ හැම එකක් ම ගම්මුන්ගේ ජීවිතේ ට විවිධාකාරයෙන් උදව් උපකාර කරනවා. ඊළඟට වැවේ කාර්ය භාරය. පළමු කොටසට මෙතනින් පිවිසෙන්න  https://huunews.com/?p=1406 […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු