Thu. Jul 4th, 2024
0 0

Views: 140

Read Time:7 Minute, 32 Second

 

පාතාලය සහ මත්කුඩු ජාවාරම අතර ඇත්තේ අන්නෝන්‍ය සබදතාවයකි. ඒ අතරින් මධුෂ් වෙනස් වන්නේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ද නමුත් ඔහු මත්කුඩු විරෝධියෙකු ලෙසයි. ඔහුගේ සැලසුම වී තිබුණේ 2019 වසරේ නෝම්බි උත්සවයට කලින් මෙම මත්කුඩු ජාවාරමේ ඒජන්තයින් සිව්දෙනාගෙන් තිදෙනෙකු ඝාතනය කර ඉතාලිය බලා පලා යාමටයි. එහෙත් මධුෂ්ට වැරදුනි . මාළුවා නහින්නේ කට නිසා යැයි ජනවහරේ කතාවක් පවතී. ඇත්තෙන්ම මධුෂ්ට වැරදුනේ කට නිසා වෙනි. මන්ද යත් මධුෂ් හැප්පෙන්නට සැලසුම් කොට තිබුණේ මේ මත්කුඩු ඒජන්තයින් සමගය. එය පහසු කටයුත්තක් නොවන්නේ මත්කුඩු ජාවාරම පිටුපස ශ්‍රී ලංකාව තුල සිටින්නේ පාතාලයම නොවන නිසාය
ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම කරන්නේ දේශපාලන හස්තයක් විසිනි බොහෝ දෙනෙකුගේ නම් මත්කුඩු ජාවාරම් කරුවන් ලෙස ප්‍රසිද්ධියට පත් උවද ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන මොලකරුවන් වනුයේ මෙතෙක් රට පාලනය කල ප්‍රධාන පක්ෂ කීපයේ ඉහලම පුද්ගලයන් කීපදෙනෙකු විසිනි. මධුෂ්ගේ සැලසුම වූයේ ඩුබායි හිදී ඒජන්තයින් තිදෙනෙකු ඝාතනය කොට ඉතාලියට පලා ගොස් ප්‍රධාන පෙලේ දේශපාලකයන්ගේ නම් හෙලි දරව් කිරීමටය ඒ ප්‍රධාන පෙලේ දේශපාලකයන් පිලිබදව මධුෂ් විසින් ඉතාලියේ වෙසෙන හිතමිතුරෙකු හා කල සංවාදයක හඩ පටයක්ද ඇතැයි තොරතුරු හෙලිවී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කාර පාර්ෂවයන් බලවත්ව ඇති තත්වයක් තුලදී එම හඩපටය සමාජය වෙත මුදාහැරීම ප්‍රමාද වී ඇතැයි හූ නිව්ස් වෙබ් අඩවියට අදහස් දැක්වූ අයෙකු ප්‍රකාශ කර සිටී මහජනයා කිසි විටෙක විස්වාස නොකරන ප්‍රධාන පෙලේ දේශපාලන පවුලක් කුඩු ජාවාරමේ යෙදී සිටින බව හූ නිව්ස් වෙත වාර්තා වී ඇති අතර එම පවුල් කිහිපයේ විස්තර නිසි කලට සමාජගත කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
මධුෂ්ව ඝාතනය කරනුයේ මෙම පවුල් කීපයේ තොරතුරු එළියට ඒම වලක්වා ලීම උදෙසායි මධුෂ් ඝාතන මෙහෙයුම කෙතරම් සංකීර්ණ ක්‍රියා වලියක් දැයි ඔබට වටහා ගැනීමට මධුෂ්ගේ ඉතිරි හඩපට සමාජගත වූ පසු පාඨක ඔබට පහසු වනු ඇත.
මධුෂ් ඝාතන මෙහෙයුම පිටු පස මාධ්‍ය ආයතනද සිටිනවා යැයි ඔබ විස්වාස නොකරනු ඇත. මධුෂ් ඝාතන මෙහෙයුමේ එක් අංශයක් ඉටු කරනුයේ එම මාධ්‍ය ආයතන විසින්ය. මධුෂ් ඝාතනය සාධාරණීය කරනු වස් මෙම මාධ්‍ය මෙහෙයුම මගින් පළමුව කුඩු විරෝධී මධුෂ් කුඩු ඒජන්තයකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීම සිදු කලේ මෙම මාධ්‍ය ආයතන මගිනි. මෙම මාධ්‍ය ආයතන මගින් මධුෂ්ව සමාජීයව ඝාතනය කිරීමට දකුණු පලාතේ යොවුන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුද යොදවා ගත් බව තතු දත්තෝ කියා සිටී
මෙම මත්කුඩු ජාවාරම් කාරයෝ සහ දේශපාලන බලවතුන් සමාජයේ කෙතරම් බලවත්ද යන්න වටහා ගැනීමට මධුෂ් ඝාතන මෙහෙයුමේ නිවරදි තතු සමාජගත වූ පසු ජනයාට නිසැක ලෙසම ඒත්තු යනු ඇත. මධුෂ් විසින් කිහිප වරක්ම තම පණ මෙන් ආදරය කල අම්මා පල්ලා මම කුඩු බිස්නස් කාරයෙකු නොව එහෙත් අපරාධකාරයෙකු බව පුන පුනා ප්‍රකාශ කරන හඩ පටය මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ සමාජ ගත වී හමාරය. එහිදී තමා අපරාධකරුවෙකු වූයේ කැමැත්තෙන් නොවන බවත් එය සමාජයේ වරදින් සිදු වූවක් බවත් කියා සිටිති තම මවගේ සහ එකම සහෝදරයා ඝාතනය කිරීම තමන් අපරාධකරුවෙකු වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස මෙහිදී මධුෂ් කියා සිටී. ඇත්තෙන්ම මධුෂ්ව සුදුවට පිංතාරු කිරීම අපගේ බලාපොරොත්තුව නොවන අතර. අපගේ ප්‍රධානය ඉලක්කය වී ඇත්තේ සුදු පිරිවටයෙන් තම කලුව වසා ගෙන මල්වට්ටි අතින් ගෙන පංසල් යන ඒ සැබෑ අපරාධකරුවන් සමාජය ඉදිරියේ හෙලි කිරීමයි
මේ වනවිට සමාජගතවී ඇති මධුෂ්ගේ යැයි කියවෙන හඩපටය පහතින් දැක්වේ. මධුෂ්ව ඝාතනය කඩිනම් වීමට තුඩු දුන් ආසන්නතම හේතුව වන්නේ මධුෂ්ගේ කුඩු ඒජන්තයින් තිදෙනා ඝාතන සැලැස්ම යම් පොලිස් නිළධාරියෙකුට හෙලි කිරීමයි. මෙම කුඩු ඒජන්තයින් සහ දේශපාලකයින් කොතරම් ප්‍රභල දැයි වටහා ගැනීමට මධුෂ් මෙහෙයුම සංසුන්ව විචාරා බලන අයෙකුට අපහසු නැත ඩුබායි රටට ගොස් මධුෂ්ව කුදලා ගෙන නො එන්නට මේ වන විට ලංකාවේ කුඩු ව්‍යාපාරිකයින් සහ දේශපාලකයෝ විශාල අර්බුධයකට ලක් වෙනු ඇත. එනම් කුඩු ඒජන්තයි හතර දෙනාගෙන් තිදෙනෙකු මධුෂ් අතින් ඝාතනය වීමට නියමිතව තිබුණේ නෝම්බි දවසේය. ඒබව මධුෂ් පොලිස් නිළධාරියාට කියා නොසිටින්නට මධුෂ් මෙහෙයුම මෙතරම් ඉක්මන් නොවනු ඇත. කුඩු ඒජන්තයින් සිව් දෙනා කවුරුන්ද යන්න මෙම වීඩියෝ පඨයේ සදහන් වන බැවින් අප ඔවුන් පිලිබදව සදහන් නොකර සිටින්නෙමු එසේම අපගේ ඉලක්කය කුඩු ඒජන්තයින් නොව එම ඒජන්තයින් මෙහෙයවන ප්‍රභල දේශපාලන හස්තයයි. ඇත්තෙන්ම මධුෂ් නැසුනේද කට නිසාවෙනි. එයත් තරුවට පටියට ගිජු පොලිස්කාරයෙකු ඉදිරියේ විවර කල නිසාවෙනි ශ්‍රී ලංකාවේ මහජන හමුදාවක් හෝ මහජන පොලීසියක් නොමැත ඇත්තේ පවුල් කීපයක් මූලික කරගත් වහල් ආයතන පද්ධතියකි ඒ බව සනාත කිරීමට නීතිය නිසියාකාරව ඉටු කිරීමට වෙර දරනා ඕනෑම නිළධාරියෙකුට අත් වන ඉරණම දෙස හොදින් බලන්න එහි ආසන්නතම උදාහරණය ශානි අබේසේකරය ඉන් ඔබ්බට අපි කිසිත් නොකියමි විනිෂ්චය ඔබට බාරය. නිසි කලට නිසි වේලාවට මධුෂ්ගේ හඩපට සමාජගත වනු ඇත.එතෙක් කාලටයට ඉඩ දී අප නිහඩ විය යුතුව ඇත.
හූ නිව්ස් විශේෂ ලියුම් කරුවෙකු විසිනි

අදාල වීඩියෝවට පහත ලින්කුව තුලින් පිවිසෙන්න

 

https://youtu.be/CiZkgEwcjnc

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු